Search

Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

Wednesday, April 10, 2013

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 6



පසුවදාද පාසල් ඇරි අපි දෙන්නා ඇය පස්සෙන් ගියෙමු. එදා වැසි දවසක් උනාට ඒ වෙලාවේ වැස්ස තිබ්බේ නැත. එදා ඇය නම් හිතා මතාම පසල් ඇරි සෙමෙන් සෙමෙන් ගියාය.  පාරේ අපි දෙගොල්ලයි තව ළමයි කිහිප දෙනෙක් හැරෙන්න අනෙක් ලමයි ගිහින්ය.

මට නම් හිතෙන්නේ ඇය යන එක ප්‍රමාද කරන්න ඇත්තේ අපි ඇය එක්ක කතා කරයි කියලා වෙන්න ඇති. ඇයද ඇඹරෙමෙන් ඉද හිට අපි දෙස හැරි බලයි. කොහොම කොහොම හරි බෝ බෝ ගහ යටට එන කොට වැස්ස වහින්න විය.

Thursday, February 28, 2013

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 5





කාලය කෙමෙන් කෙමෙන් ගෙවි ගියේය. සිතද කෙමෙන් කෙමෙන් වෙනස් විය. එහෙත් එක් දිනක මට මෙසේ සිතුනි. මට ඒ වන විටත් ඇයගෙ සිත තුල මා ගැන යම් අදහසක් ඇති බව යන්තම් මා හට වැටහී තිබුණේය. මා නොකල එකම දේ ඇයට සිතින් ආදරේ කිරීමය.

මම නිකමට මෙන් ඇය යාලු කර ගන්න ඕන කියලා මට සිතුනි. මම දන්නේ නෑ ඇයි එක පාරටම මට මෙහෙම සිතුනේ ඇයි කියලා. ඒ කාලය වන විට මා කිසිම කෙල්ලෙක් සමඟ යාලු වී නොසිටියෙමි. මා ඇසුරු කල යාලුවන් කෙල්ලන් එක්ක යාලු වන විටද මට එවැනි අදහසක් සිතේ තුබුණේ නැත.

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 4

කොටස 3 මෙතනින් කියවන්න.




තවත් දවසක මා පෙර කී පිට්ටනියේ ඇති උණ පඳුරු අසල පුංචි නංගි එයාලාගේ පංතියේ යාලුවන් සමඟ කතා කරමින් සිටියාය. අපේ කට්ටියත් මාත් එතනට සෙට් උනේ අහම්බෙන්ය. එදාද අපේ කට්ටිය ඒ සුදු නංගියාට ඇසෙන ලෙස මගේ නම කියා එක එක දේවල් කියන්න විය.

එහෙත් එදා මා පැහැදලි වෙනසක් ඇගෙන් දැක්කේය. මඳක් ලැජ්ජාවෙන් ඇය ඇඹරෙන්න විය. එපමණක් නොව ඇගේ යාලුවෝද මං දෙහා බලා සිනා වෙලා ඇයට මොනවද කීවා. මට නම් ටිකක් මොකද්ද වගේ. ටිකක් ලැජ්වක් හිතුනා. බොරු කියන්නේ මොකටද මම අනෙක් පැත්ත හැරි යාලුවන් සමඟ කතා කරනවා වගෙ සැඟවෙන්න අනෙක් පැත්ත හැරි සිටියෙමි.

Wednesday, February 27, 2013

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 3





එහෙත් එදා මගෙ හිතේ ඒ පුංචි නංගි ගැන කිසිම හැගීමක් ඇති උනේ නෑ. ඒ වගේම මගෙ හිතේ තිබ්බේ ඩිලාන් කියන යාලුවා අර පංචි කෙල්ලට ටොක් කරනවා දකින්න. මොන දේ වුනත් සිදු වූයේ සියල්ලම අනේක් පැත්ත පෙරලීමය.

ඒ සුදු නංගියා දකින හැම පාරකම අපේ පංතියේ කොල්ලෝ මගෙ නම ඇයට ඇහෙන්න කියන්න පුරුදුව සිටියේය. පංතියේ පංතියේ සියලු දෙනාම මගෙ නම කියා කියා ඒ නංගියාව දකින හැම වෙලාවකම මාව බයිට් කරන්න විය.

Tuesday, February 26, 2013

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 2





අපේ පංතියට එදා දවසේ හිස් කාල පරිඡ්ඡේදයක් විය. මමත් තවත් යහලුවන් කිහිප දෙනෙක් පිට්ටනියට ගියෙමි. පංතියේ ගුරුවරු නැති වන විට පිට්ටනියකට යාමට අපේ පංතියේ ලමයි පුරුදුව සිටි. අපේ පංතියට ටිකක් ආසන්නව පිට්ටනිය පිහිටා ඇත. පිට්ටනිය අයිනේ අපේ පංතිය පැත්තට වෙන්න උණ පඳුරක් තිබෙයි. ඒ උණ පඳුර අසල අපේ පංතියේ කොල්ලෝ නිතරම කතා කර කර කාලය ගෙවන්න පුරුදුව සිටියෝය.

මමත්අනෙක් යහලුවන් කිහිපදෙනෙක් මා පෙර කී උණ පඳුර අසලට ආවෙමු. ඒ අසල බිම පිට්ටනියේ පුංචි නංගිලා දෙන්නෙක් ඉදගෙන සිටියේය.

Thursday, February 21, 2013

සිහිනයක් නම් ඒත් ඇත්තක්/කොටස 1


      ආදරය විරහව වේදනාව මුසු වූ සත්‍යය සිදු වීමක් ඇසුරෙන් මෙම “සිහිනයක් නම් ඒත් ඇත්තක්” නම්  කෙටි කතාව නිර්මාණය කර ඇත. මේ සිදු වීම සිදු වූයේ පොල්ගහවෙල කු/ පාරාක්‍රමබාහු ජාතික පාසලේ සිසුවියක් හා සිසුවෙක් අතරය. ඉතාමත් දුරුලභ සිදු වීමක් ඇසුරෙන් නිර්මාණය කර ඇත් මේ කතාව කියවා රස විදින්න.

මෙහි එන නම් ගම් මනඃකල්පිතය

කතෘ : ප්‍රදීප් මදුෂාන්
PPM

Monday, January 9, 2012

සැබැ හිමිකරු/Sabe Himikaru/කෙටි කතා/short story

සැබැ හිමිකරු
       හිරු බැස යන සැන්දැව රමණිය චමත්කාර ජනකය. ලා හිරු රැස් මිහිතලය මත පතිත වී සිප ගනි. තුරුලතාවෝ  රන්වන් පාටින් අලෙප වී ගොසිනි. අහස් කුසේ වලාවන් රන්වන් පැහැ ගැන් වී රටා මවයි. සියතුන් කැදලි කරා පියබා යයි. සිසිල් සුලන් රැල් ගලා යයි. මද නල සිතට ඉමිහිරි සිසිලක් ගෙන දෙයි. නැවුන් සිතුවිලි වලින් සිත පුරා ලන හැන්දැවකි.

සුදු පැහැ කාරයක් පැමිණ නිවස අසල නැවතිනි. සැදැ යාමේ පහස විදිමින් සිටි රාජු පියවි සිහිය කරා ආවේය. ඔහු වහාම කාරය අසලට ගියේය. එම රථයේ පැමිණ සිටියේ මිත්‍ර දිනුක විය. රාජු වහා ගෙට්ටුව ඇරියේය. කාර් රිය ගෙට්ටුවෙන් ඇතුලට ඇවිත් මිදුලේ නතර කළේය. කාරයෙන් එළියට පැන්න දිනුක තම මිතුරා වැළඳ ගත්තේය. ඔහුගේ දෙනෙත් වලින් කඳුළු වැටේ. රාජු පුදුමයට පත් විය.

“ඇයි සහෝදරයා” රාජු ඇසුවේය. “මොකද බන් අඬන්නේ. කේස් එකක්වද්ද?”

එහෙත් ඔහු කතා නොකළේය. රාජු දිනුක එක්කන් මුදුලේ කොට්ටම්බා ගස යට තිබුණ ආසනයේ ඉද ගත්තේය.

“දිනුක”

“රාජු.... ම...ට... උදව් කරන්න”



“මොකක්ද කරදරයක්ද? කියන්න දිනුක”



“වත්සලා”



“ඔව් වත්සලා”

“බදිනවා”

“කාත් එක්කද?” රාජු ක්ෂණිකව ඇසුවේය.

“මට වැඩක් නැ ඉදලා” දිනුක හඩමින් තම මිතුරා වැළද ගත්තේය.

“ඉතින් කියන්න දිනුක මොකද උනේ”

“රාජු”

“කියන්න”

“ වත්සලා හෙට විජිත් එක්ක කසාද බදිනවා”

“මොනවා”

“ඔව් රාජු ඇත්තමයි” දිනුක සෝකයෙන් කතා කළේය. “මට උදව් කරන්න වත්සලා මගේ කර ගන්න. රාජු මං වත්සලාට කොච්චර ආදරෙයි ද? මගේ වත්සලා”

“හරි දිනුක හඬන් නැතිව ඉන්නවාකෝ. අපි බලමු ඊලඟට මොනවද කරන්නේ කියලා”

“මොනවා කරන්නද? දැන් සේරම නැති වෙලා ඉවරයි”

“එහෙම හිතන්න එපා බං. ඒක නෙවේ බැරිද වත්සලා හම්බ වෙන්න.

“ඒක කරන්නේ කොහොමද රාජු”

“හිපන්කෝ මං කියන්න. වත්සලාගේ යාළුවා නිලූකා හම්බ වෙන්න යමන්”

“එයා හම්බ වෙලා මොනවා කරන්නද?”

“කලබල වෙන් නැතිව ඉන්න දිනුක මම වැඩේ කරන්නම්. වත්සලා උබේ කරලා දෙන්නම්”

“ඔය ඇත්තමද බං”

“නැතිව මම බොරු කියනවායැ”

රාජු හා දිනුක දිනුකගේ කාරයේ නැග නිලූකලාගේ ගෙදර ගියේය. එහි යන විට සවස පහ හමාර පමණ විය. නිලූකා ඔහුන් යන විට නිවසේ විය.



“හා නිලූකා කොහොමද?” රාජූ කතා කරයි.



“ඔහේ ඉන්නවා අනේ”

“ අපි ආවේ පොඩි වැඩකට උදව්වක් ලබා ගන්න”

“මොකද්ද මගෙන් ගන්න තරම් තියෙන උදව්ව”

“නීලූකා යමුද වත්සලාගේ ගෙදර”

“මොකටද මේ හදිස්සියේ යන්නේ”

“එක පස්සේ කියන්නම්”

“පස්සේ නෙවේ දැන් කියන්නකෝ”

“පොඩි වැඩකට”

“මොකද්ද පොඩි වැඩේ” නිලූකා අසයි. “ඇයි එයා බදින්න ඉස්සෙල්ලා මොනවා හරි කියන්න තියෙනවාද?

“නිලූකා” රාජු කතා කරයි.

“යන්කෝ වැඩේ තේරෙයි.”

නිලූකා දිනුක සමඟ වත්සලාගේ ගෙදර යන්න පිටත් විය. දිනුක සිටියේ සිත් තැවුලෙනි. මිණිසුන් ආදරය ඉදිරියේ ඉතා බොලඳ වෙයි. ගැහැණු පිරිමි අතර වෙනසක් නැත. තමා ආදරය කරන කෙනා නැති වෙන කොට කාටද දුකක් ඇති නොවන්නේ. ඒදා බුදුන් වහන්සේ “ප්‍රියෝ පිප්පයොගෝ දුක්කෝ” කියලා ප්‍රියන්ගෙන් වෙන් වීම  දුකක් යැයි කියු කතාව සැබැවක් වන්නේ මේ වගෙ වෙලාවටය.

ආදරය තහන්චි නැත. කිසිවකු එයට බදා කරයි නම් එය පහත් වැඩකි. ලොකයේ තමාට කැමති කෙනා තොරා ගැනීමට අවසර තිබිය යුතු යැයි මට හැගේ. නැතහොත් පවුල් ජීවිතය තුල ගැවුම් ඇති විය හැක. ඇයි මේ තරම් ඉන්දිය බලපෑම් නිසා ආව දෙවල් නිසා විවාහය වැනි දෙය තුල දරුවන්ට තීරණ ගැනිමෙදි දෙමාපියන් අවනත වෙන්න වූයේ. එහෙත් හොඳ දෙයක් නම් දෙමාපියන්ට අවනත උණාට කම් නැත. එහෙත් ආදරය නොකරන කෙනෙක් එක්ක කෙසේ ජීවත් වම් ද?

“නිලුකා ” රාජු නිලූකාට කතා කරයි. “ඔයා වත්සලාගේ ගෙදර කවුරු හරි අපි කව්ද කියලා ඇසුවොත් කියන්න ඔයාගේ යාළුවන් කියලා කියන්න.

“ඇයි”

“ඒක වැඩක් නෑනේ. මම කීව දේ විතරක් කරන්න. අපි යන්නේ වත්තසලා හමු වෙන්න විතරයි.”

“දිනුක කාර් එක එකට වෙලා ඉන්න.”

“බෑ මම එනවා වත්සලා බලන්න. මට බෑ එයා බලන් නැතිව ඉන්න.”

“මේ දිනුක මම හොඳින් කියන්නේ”

දිකුක නිහඬ විය. ඔහු තම මිතුලා ලඟ මොනවා හරි අදහසක් ඇතුයි සිතුවේය.

රාජු හා නිලූකා දිනුක කාරයේ ඉන්න හැර වත්සලා හමු වෙන්න ගියහ. ඈ සිටියේ මලානික මුහුණකිනි. කඳුළු බිදු කිහිපයක් ඇගේ දෙකපුල් තෙමා ගොසිනි. ඇය දැකීමෙන් වත්සලා දිනුක හට කොතරම් ආදරය කරනවා දැයි සිතා ගෑනීමට හැකිය.

“වත්සලා” නිලූකා වත්සලාට කතා කරයි.

“නිලූකා” වත්සලා ඇය වැලඳ ගනිමින් කියයි.

“වත්සලා” රාජු කතාව පවන් ගත්තේය. “‍හෙට ඔයා මැරි කරනවාද? ඔයා එකට කැමතිද?”

“නෑ රාජු......” ඇය ලේන්සුවෙන් දෙනෙත පිස දැමුවාය.

“ඇයි ඔයා කැමති වුනේ අකමැති නම්”

ඇය නිහඬව ඇබරෙන්න විය.

“නිලූකා පොඩ්ඩක් පැත්තකට යනවද මට වත්සලාත් එක්ක කතා කරන්න ඕන.”

නිලූකා පැත්තකට ගියේය.

“වත්සලා ඔයා දිනුකට කැමතිද?”

“ඔව් රජු.... එත් අම්මාලා කැමති නෑනේ දිනුකට” ඇය ගලා ආ කඳුළු පිස දමමින් කිවේය.

“හරි හෙට මොකද කරන්නේ”

“අනේ... මන්දා.... හිතුනොත් ජීවිතය නැති කර ගන්නවා.”

“එයි වත්සලා කලබල වෙන්න එපා හෙට වෙනකන් ඉවසන්න.”

“අනේ මට බෑ”

“එහෙම කියලා බෑනේ. මම කියන එක අහන්න ලමයෝ.”

“මොකද් ද?”

“හෙට නැකත තියෙන්නේ කීයටද?”

“උදේ එකොළයි දහයට.”

“හරි අපි ඒ වේලාවට එන්නම්.”

“ඔයාලා ආවේ ඔය ටික කියන්නද?”

“නෑ හලෝ...” රාජු කීවේය. “ඔයා බය නැතිව ඉන්නකෝ කොහොම හරි දිනුකව ඔයාගේ කරලා දෙන්නම්.”

රාජු වත්සලාගෙන් සමුගෙන නිලූකා සමඟ යන්නට ගියේය. නිලූකා ඇගේ නිවසට ඇරලූ රාජු දිනුක සමඟ තම ගෙදරට ගියේය. ඒ වන විටත් වෙලාව රාත්‍රි දහයට පමණ විය.



ඊලඟ පියවර ගැන ඔහු සිතන්න විය. එහෙත් දිනුක වූයේ  කල්පනා බර මුහුණකිනි. දිනුක ඔහුගේ නිවසට නොයවා සිය නිවසේ රාජු නතර කර ගත්තේය. මොකද දිනුක සිටින තත්වය අනුව ඔහු තනිවම තැබීම නුසුදුසු බැවිනි.


කෙසේ නමුත් රැය පහන් විය. වත්සලාගේ විවහ මගුල පැවැත්වෙන දවස අදයි. වත්සලාගේ නිවස උත්සවත් ශ්‍රියෙන් බැබලෙයි. එහි මගුල් ගෙදරක අලංකාරයෙන් විය. මනාලි මනාලයා පිලිගන්න මල් පොකුරු බලා සිටි. හැඩ වැඩ දැමු මගුල් පෝරුව දෙදෙනා එන තුරු බලා සිටි. නිවසේ බැලු බැලු තැන මල් පොකුරුය.

කෙසේ වෙතත් මේ අතර කාවත් නොදැන එක දෙයක් සිදු වන්නේය. දැන් දැන් වේලාව දහවල් එකොළහට පමණ විය. මේ වන විටත් මනාලයා විජිත් සහා ඔහුගේ පිරිස පැමිණ සිටිති.

මනාලිය වත්සලා අලංකාර මංගල ඇදුමකින් සැරසි සිටිති.  අතේ රුවැති මල් පොකුරක් තිබුණද ඇගේ දෙනෙතෙන් වැටෙනා කඳුලු කැට කිහිපයකින් තෙමි ඇත. එසේ සෝක මුහුණෙන් ඈ සිටියද මනාලයා සිටයේ හද පිරි සතුටෙනි. තමට සහකාරියක් හිමි වන දවසේ මොන පිරිමියාටද සතුටක් ඇති නොවන්නේ. සමහර විට ඒ දවස ප්‍රීතිමත්ම දවස විය හැක.

ඒ උණත් තම පෙම්වතිය අහිමි වන විට කොතරම් දුකක් පිරිමි සිතකට ඇති වේද? හදවත්න්ම ආදරය කරයි නම් එය කෙසේ දරා ගන්නද?

මේ අතර මංගල උත්සවය කඩා කප්පල් කරන්නට දෙදෙනෙක් බලා සිටි. ඒ අන් කිසිවෙක් නොව රාජු සහා දිනුකය. වත්සලා අතේ බෙහෙත් පෙති වගයක්ද ඇත. රාජු හා දිනුක පැමිණියේ නැත්නම් බෙහෙත් පෙති ගිල දමා අනතුරක් කර ගන්නට ඇය අදහස් කර ගෙන ඇත.

රාජු බලා සිටියේ අවස්ථාවක් එන තුරුය. ඒ මගුල් පොරුවට මනාලයා හා මනාලිය නගින වේලාව එන තුරුය. කෙසේ වෙතත් වේලාව කෙමෙන් කෙමෙන් ලඟා විය. මනාල යුවල පෝරුවට නංවන ලදි. මංගල පෝරුවේ වැඩද ඇරඹිනි. මනාල යුවලයේ දැගිලි ගැට ගසන වේලාව ලං විය. ඒ ජීවිතය තුල නොලිහන්න ගසන ගැටයකී. දෙදෙනෙකුගේ එක් වීම සංකේතවත් කරනුයේ දැගිලි එකට එක් කර ගැට ගැසීමෙනි.

ඔහුන්ගේ දැගිලි ගැට ගැසීමට සැරසෙනවාත් සමඟම එතනට පැන ආවේ අමුත්තන් දෙදෙනෙකි. සියල්ලෝම ගල් ගැසි සිදු වන්නේ කුමක් දැයි බලන්න විය. පෝරුවේ වැඩ කටයුතු බාර කෙනා අතින් දැගිලි බදින්න ගත් නූල ගිලිහි වැටිනි. මනාලයට සිදු වන්නේ කුමක් දැයි සිතා ගැනීමටවත් බැරි විය. මෙසේ පැන ගත් දෙදෙනා අන් කවරකුවත් නොව රාජු හා දිනුකය. ඔහුන් දෙදෙනාම සන් ගාලාස් පැලඳ සිටි බැවින් ඔහුන්ගේ මුහුණු කාටවත් හදුනා ගැනීමට නොහැකි විය. දෙදෙනාම හැඳ සිටි කලු පැහැ කලිසම් සහා කලු පැහැ අත් දිග කමිස විය. එබැවින් ඔහුන් මැර පෙනුමෙන් යුක්ත විය.

“ඒ..යි.. ඔය වැඩේ නතර කරපල්ලා...” රජු කෑ ගැසුවේය. මොකද්ද මේ කරන බලු වැඩේ.  මේ මගුල කරන්න බෑ. තේරුනා ද? වහාම ඕක නතර කරන එකයි ඇත්තේ. නැත්නම් අපි නරක මිනිස්සු කියලා කියන්න එපා.”

වත්සලාගේ මද සිනා පොදක් මුහුණට ආවේ මේ වේලාවේය. එහෙත් අනෙක් අය භීතියෙන් බලා සිටි.

“දිනුක...........” වත්සලාගේ මුවින් පිට විය.

ඒ එක්කම තම අත රැදි බෙහෙත් පෙති බිමට වැටිනි. ඈ දිනුක ලඟට ඇදෙන්න විය. එහෙත් ඇයට එසේ කරන්නට නොහැකි විය. විජිත් විසින් ඈ අල්ලා ගත්තේය. ඈ ඔහුගෙන් ගැලවීමට දඟලන්න විය. ඒ අතර දිනුක පැන ඇය අල්ලා ගත්තේය.

විජිත් දිනුක කරා පැන්නේය. එහෙත් ඔහුට හරස් වූයේ කකුලකි. ඒ රාජුය. දිනුක හැර දමා විජිත් රාජු කරා පැන්නේය. මින් දෙදෙනා අතර සටනක් ඇති විය. වටේ අය කලබලයට පත් විය. දෙදෙනා වටා ඒ අය රොක් විය. විජිත්ගේ මිතුරන් ඔහුගේ උදව්වට ආවේය. රාජු ඔහුන් සමඟ සටන් කරන්න විය. දිනුක විජිත් සමඟ හුදකලා සටනක් පටන් ගත්තේය.

වත්සලා නිලූකා බදා ගෙන හඬන්න විය. ඈ දිනුකගේ සහා විජිත්ගේ සටන දෙස කඳුලු ගලන මුහුණෙන් බලා සිටි. වත්සලාගේ අහංසක කඳුලු බිදු ඇගේ ලැමැද තෙමි ගොසිනි. ඇයට සිතා ගන්න බැරි කවුරු දිනයිද කියාය. විජිත් කියන්නේ සටන් සිල්ප හදාරා ඇති මැරයකි. එබැවින් දිනුක ගැන බියෙන්ද ඈ වෙලා ගොසිනි.

රාජු නම් එකා පිට එකා වැටෙන ලෙස සිය පතිවාදින් බිම දමයි. රාජු කියන්නේ ඉතාමත් සවිමත් ගතක් ඇති තරුණයෙකි. ඔහුගේ පහරවල් කොතරම් බලවත්ද කියනවා නම් ඉතා ඉක්මනින්ම සටනට ආ අය පරාජය කරන ලදි. එහෙත් දිනුක විජිත් සමඟ සටන් කරයි.

රාජු ඔහුන් දෙදෙනාගේ සටන බලන්න විය. දිනුක වැඩුනු සිරුරක් හිමි අඩි හයක් පමණ උස තරුණයකි. එසේ ම නිතරම ව්‍යායාම කරන බැවින් ශක්තිමත් බව අතින් ඉහලින් ඔහු වේ.

වත්සලා දෙගිඩියාවෙන් පසු වෙයි. ඇගේ සෝකාකූල මුහුණ දකින කාට වුවද ඇති වන්නේ ඈ ගැන අනුකම්පාවකි. ඇගේ දෙමාපියන් පමණක් නොව මේ දෙස අනෙක් අයද දෑස් අයා බලා සිටි. මනාලයා සමඟ පිටස්තරයෙක් සටන් කරන විට කවුරු කියා බලා නොසිටින්නද? ඒ වගේම දෙදෙනා අතර වූයේ දරුණු සටනකි.

ටිකෙන් ටික දිනුක අඩ පන වන බවක් දක්නට විය. දිනුක විජිත් දුන් පහරකින් මුනින් තලා බිම වැටිනි. එවිට ම වත්සලාගේ මුවින් කෑ ගැසිණි. තවත් තද පහරවල් කිහිපයක් දිනුකගේ කය පුරා වැදී ඉවත් විය. වත්සලාගේ මුහුණ දැතින් වැසිනි. දිනුක නැගිටින්න උත්සහ කරන විට විජිත් තව පහර දෙන්න විය. දිනුක එසේම බිම වැටි නිසොල්මන් විය. විජිත් වත්සලා ඇදලා තමා ලඟට ගන්නා ලදී.

බිම වැටි නැගිටින්න උත්සහ කරන දිනුක දකින කාට වුවද ඇති වන්නේ ඔහු ගැන අනුකම්පාවකි. “අහෝ බලන්න සිය පෙම්වතිය හින්දා පහර කා වැටී ඉන්න අහිංසක පෙම්වතා දෙහා” ආපසු හැරි දිනුක බලන්න විය. වටේ අය ඔහු දෙස බලා සිටි. පසෙකින් රාජු හා නිලූකා විය. වත්සලාගේ අතින් අල්ලා සිටින විජිත්ගේ මුහුණ දෙස බලා ඔහු බිම බලා ගත්තේය.

“ඒ..යි.. දිනුක වත්සලා එපාද?” විජිත් දිනුකට කියන්න විය. “පුලුවන් නම් අරන් පලයන්”

අසරණව බිම වැටි සිටින දිනුකගේ සිත ගත දෙදර යන්න ඒ වදන් සමත් විය. ඔහු රාජු දෙස හැරි බැලුවේය. රාජු අතින් කියන්නට වූයේ නැවතත් නැගිටින්න කියාය. මේ අතර ඔහුට දැනුනේ මුලු ගත පුරා නැගෙන වේදනාවන් ඔහු කෙරෙන් ඉවත් වී ගියා මෙනි. දිනුක වත්සලාගේ මුහුණ බලා නැගී සිටියේය. ඔහු ඇදගෙන සිටි ඇදුම ගලවා රාජු දෙසට විසි කළේය. හරියට කියනවානම් චිතුපට ජවනිකාවක් මෙනි.

“එයි විජිත් මෙහේ වරෙන් . උඹට වත්සලා ගිනියන්න දෙන්නේ නෑ.”

මේ වදන් ඇසුනු විට විජිත් නැවතත් දිනුකට වේගවත් පා පහරක් දුන්නේය. දිනුක විසි වී ගොසින් බිම වැටිණි. බිම වැටි නැගිට ගත් දිනුක විජිත් කරා පැන වේගයෙන් පහරවල් කිහිපයක් එල්ල කළේය. ඔහු කොතරම් වේගයෙන් පහර දුන්නේ දැයි කියනවානම් කෙටි වේලාවක් තුල විජිත් බිම වැටුනේය.  රාජු තව දුරටත් පහර දෙන එක නවත්තා දිනුක ඔහු පැත්තකට ඇදලා ගත්තේය.

ජයග්‍රාහි ලීලාවෙන් නැගිට ගත් දිනුක වත්සලා ලඟට ගොස් ඇය බදා ගත්තේය. එය බලා සිටින කාට වුවද දෙනෙතට කඳුලු උණයි. හඬන්න කඳුලක් එනවා නම් එය තුල අරුතක් ඇත. සිනා සෙන්න එනවා නම් එතන ලොකු සතුටක් ඇත. ලෝකය තුල ඔබ මම ජීවත් වෙන්න ඕන වෙනවා. ආදරයට ආදරය කරන්න. සෙනෙහසට සෙනේහසක් දෙන්න. තමාට සිතේන දේ නොකර අනෙක් අයගේ අදහස් ගැනත් සිතන්න. ප්‍රේම වන්තයන්ට ප්‍රේම කරන්න දී අපි බලා ඉමු. ආදරය ලෝකය වෙනස් කරාවි.

සෙනෙහසක් වෙනුවෙන් දහසක් දේ පුදන්නට සැබැ ප්‍රේමය දන්නෝ වෙහෙසෙති. ප්‍රේමයනම් අපිට දිවි පුදා පුදන්න ඇති වටිනා මැණිකකි. දිනුකට අවශ්‍ය වූයේ වත්සලා තමාගේ කර ගන්නටය. එයට දැන් බදා කරන්න කිසිවෙකු ඉදිරිපත් නොවේ. තමා දිනා ගත් වස්තුව සුවකීය දෝතේ මැදි කරගෙන දිනුක යන්න ගියේ තමාගේ කියා ලස්සන ලෝකයක් වත්සලා එක්ක හදා ගන්නය.

නිමි.







Tuesday, January 3, 2012

විකිණෙන දැරිය/කෙටි කතා/short story


විකිණෙන දැරිය

 ලා හිරු රැස් වැටි මිහිමත රන්වන් පාටින් බබලයි. ගහකොළ සීරුවෙන් සිටි. නමුත් මද නල නිසා ගහ කොළ මදක් නැලවෙයි. වටින් ගොඩින් කරුවල වැටිගෙන එයි. කුරුළු රෑන් රෑන් පිටින් කැදලි කරා පියබා යයි.

මා මද එළියෙන් පොතක පිටු පෙරලමින් එහෙන් මෙහෙන් අලසව බලා උන්නෙමි. මගේ සිතට පිටු අතර ඇති දේ කියවීමට සිත් නොදෙයි. මගේ සිත තුල විවිධාකාර සිතුවිළි ඇදි යයි. වරෙක මම මටම සාප කර ගතිමි. ඒත් කුමක් කරන්නද උපතින්ම අපට උරුම වුයේ දුප්පත් කම සහ දුකය.

පියා සුළු සුළු වැඩ කරමින් එදිනෙදා ජීවිතය ගෙන යාමට මුදල් හම්බ කරයි. එනමුත් එය ඔහුගේ මත් පැන් වලට ගිය කළ අතේ ඉතිරි වන කියක්වත් නැත. ඇත්තටම මගේ පියා බේබද්දෙකි. එයට ඔහු කොතරම් ඇබ්බැහි වෙලාද කීවොත් එයින් තොර ලොවක් ඔහුට නැත.

මට මා ගැනම කළ කිරෙයි. ඕ මගේ අම්මා සිටියානම්. ඈ අද ඉන්නේ පිට රටය. ඇය එවන මුදල් තාත්තා විනාශ කරනු හැර අපගේ දුප්පත් කමින් ගොඩ ඒමට ඔහු නොසිතයි. තමා කරන කිසියම් වැඩකින් හම්බ වෙන මුදලින් කරනුයේ ඔහුගේ බේබදු කමට මුදල් යෙදවීමය.

අම්මා සිටියානම් කොච්චර හොඳදෙ. ඈ සිටියානම් මට මගේ තනිකම හෝ නැතිවෙනවාය. ඒත් අද ඇය මං ලඟ නෑ. මං වගේ දරුවෝ කී දෙනෙක් මං වගෙ සිතින් දුක් විදිනවාද. මට ගත කරන එදිනෙදා ජීවිතය මතක් වන කොටත් ජීවිතය එපා වෙයි. ඒත් මගෙ රත්තරං අම්මා ගැන සිතෙන විට ඒ ගැන යටපත් වෙයි. අම්මා රට ගියේ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් නේද. මං මොකටද රත්තරං අම්මාගේ බලාපොරොත්තු කඩ කරන්නේ.



කුමන දුකක් ආවත් ඉවසා සිටින්නේ ඒ නිසාවෙනි. කමක් නෑ කවදා හෝ මේ අඳුරු ජීවිතයට එළියක් පායයිනේ. එතෙක් ඉවසා සිටීම හොඳය. ඒත් තාත්තා ගැන සිහි වන විට නම් ඒ අදහස දියාරු වී යයි. අහෝ.... මා ගන්නා තීරණය කුමක්ද? ඇයි මගෙ වයසට වඩා මේ වාගේ සිතුවිලි සමුදායක පැටලෙන්නේ. මට ම නොතේරේ.

ඔරලෝසුවේ වෙලාව රාත්‍රි දහය පමණ වෙයි. බොහෝ වේලාවක් මම සිතුවිලි වල පැටලී සිටියෙමි.නැතහොත් මට මෙතෙක් වෙලා නින්ද ගියේද? මා දන්නේ නැත. මට සිතෙන්නේ මා මෙතරම් වෙලාවක් අඩ නින්දේ සිතන්න ඇති බවය.

ටික වෙලාවක් ගිය පසු තාත්තා පැමිණ ඇති බව ඔහුගේ උස් කට හඬින් මම හදුනා ගතිමි. මම අප්පිරියාවෙන් මෙන් ගොස් ඔහුට දොර ඇරියෙමි. ඔහුගේ  මුහුණේ වෙනදා නොවු සතුටු බවක් ඇති බව පෙනේ. ඔහු පැමිණ සිටියේ තරුණයන් කිහිප දෙනෙකු සමගය. ඔහුන් දැකීමෙන් මගේ සිතට මද බියක් ගෙන ආවේය.

ලාම්පුවේ මද එළියෙන් අවට අලෝක වී තිබේ. ඒත් මම පිරිසෙන් ගැලවීමට කාමරයට රින්ගා ගත්තෙමි. මම ඇදේ මුනින් තලා වැතිරි චිත්තයෙන් මුහුණ වසා ගත්තෙමි. මං වගේ ලාබාල තරුණියෙකුට බියක් ඇති වීම පුදුමයක්ද? අහෝ මගේ ගත පුරා වෙවුලුම් දී ඇදී යන්නේ චතිකයකි.

තාත්තා සමඟ පැමිණ සිටි තිදෙනා එකිනෙකා සමඟ කතා කරනු මට ඇසේ. එසේ වුවත් මා ඊට කන් නොදුන්නෙමි. ඔහුන් උස් හඬින් සිනා සෙමින් කතා කරයි. තාත්තා විසින් දමා ඇති කුඩා රේඩියෝවේ හඬ අපහැදිලි වුවත් එම හඬ මට කුඩා හෝ අස්වැසිල්ලකි. ටික වේලාවකට පසු තාත්තා පැමිණ මට කතා කළේය. ඒසේ වුවත් ඔහු සමඟ කතා කිරීමට මට පිරියක් නැත.

“දුවේ මන් උබට පාන් කැල්ලකුයි උම්බලකට සම්බෝල එකකුයි ගෙනාවා. ළුණු ටිකක් එක්ක සම්බෝල හදාගෙන කාපන්. මට යන්න තියෙනවා පොඩි වැඩකට”

‘‘හා.... කොහෙද යන්නේ තාත්තේ” තාත්තා කියු විදිහට මා හද තුල පියා කෙරෙහි යන්තම් හෝ අනුකම්පාවක් ඇති විය.

‘‘පොඩි වැඩකට දුවේ” ඔහු එසේ කියා කාමරයෙන් පිටව ගියේය.


තාත්තා තබා ගිය පාන් කෑල්ල කන්නට මට පිරියක් නැත. එය පස්සෙ කන්න සිතාගෙන පැත්තකින් තැබුවෙමි. අඩි සබ්දයක් ඇසී මා තිගැස්සුනෙමි. පසු පස බැලු මට අදහා ගත නොහැකි දසුණක් දිස් විය.ඒ සිටියේ තාත්තා සමඟ පැමිණ සිටි තරුණයන් තිදෙනා බැවිනි. මම ඔහුන් දෙස සැලෙන හදින් යුතුව බලා සිටියෙමි.

අහෝ... ඔහුන් තිදෙනා මා කරා ආක්‍රමණය කළේය. මා කෑගැසීමට තැත් කළද තරුණයකුගේ හැඩි දැඩි දෑතකින් මගෙ මුව වැසි ගිය බැවින් මද හඬක් පමණක් නැගිණි. මම ඔහුන්ගෙන් බේරිමට දඟලන්න විමි. ඒත් අහිංසක මා හට පිරිමින් තිදෙනෙක් සමඟ පොර බැදිය හැකිද? මම මහත් සේ අසරණ වූයෙමි.

“දඟලන්න එපා සුපර්ණා. අනේ ඔහොම ඉන්නකෝ...”

“පල යන්න මෙතනින්” මගේ සිතට ආව තරහ නිසාම මුවින් පිට විය.

“මොකද්ද කීවේ” එක් තරුණයෙක් මට තර්ජනය කළේය. “සුපර්ණා ඔයා ඔයාගේ තාත්තා අපට සල්ලි වලට දීලා තියෙන්නේ. ඒක හිංද ඔයා අපිටයි අයිති සුදු කෙල්ලේ”

“අයියෝ” මම හඬා වැටුනෙමි. ඉන් කිසි පලක් නැත. සිදු වුයේ මගේ පිරිසිදු බව නැතිව යාමය. මට උදේ වෙනකම් ඔහුන්ගෙ ග්‍රහණයෙන් මිදිමට නොහැකි විය. ඔහුන්ගෙ විවිධාකාර හිරිහැර වලට උදේ වෙනකම් මා නතු විය. මාව විනාශ කර ඔහු සිනා වෙලා පිටව ගියේ අසරණ මට කරන සමච්චලයකට මෙනි.

මා හඬන්න විමි. මාගේ මුහුණ පවා ගෙන දුන්නේ වේදනාකාරි බවකි. මූණ හොඳට රතු වී ඉදිමි ගොස්ය. ශරිරය පුරා ගෙන දුන්නේ වේදනාවකි. ඔලුව පවා කැරකේ. මට මා ඉන්නා තැන පවා සිහියක් නැත. දැසින් ගලා ආ කඳුළු කැට මගේ ලැමැද තෙමා ගොසිනි.

මට පෙර සිදුවීම සිහි වන විට පවා ඇති වන්නේ කිව නොහැකි තරම් වේදනාවකි. එය මතක් වන වාරයක් වාරයක් පාසා මම හැඬුවෙමි. විටෙක සිත බියෙන් සලිත වෙයි. අසරණ මා කුමක් කරන්ද? තාත්තා ගැන සිහි වන ඇති වන්නේ කිව නොහැකි තරම් පිළිකුලකි. එදා දටසම මම හැඬුවෙමි.



දැස්, අත්, පය, මුළු ගතම රිදුන් දුන්නා පමණක් නොව උණ ද ගැනිනි. එදින ආහාර ගත්තාද කියා මා හට මතකයක් නැත. සිතුවිලි පුරා ඇත්තේ හිස් බවකි. මාගේ ආදරණිය අම්මා සිහි වන විට මා හට මද අස්වැසිල්ලක් ඇති වෙයි. අම්මා දැන් නැත. අම්මා සිටියානම් මට අම්මාගේ තුරුලේ නිදියන්න ඇත්නම් මේ සියල්ලම අමතකව යාවි. ඒත් ඊට වරම් නැත. අයියෝ මගේ අම්මේ, මට බෑ තව ඉවසන්න.

පසු දින රැයද සිදු වුවේ වෙන පිරිසකට මා ගොදුරු වීමයය. තාත්තා මා මුදලට විකුණන බව සිහි වන විට ඇති වන්නේ කිව නොහැකි තරම් කළ කිරීමකි. මා මෙසේ අනාත වෙන්න තරම් ඉඩ හරින්න තරම් පියා තිරිසන් වුයේ කෙසේද? මා හට හිතා ගන්නවත් බැරිය. තාත්තලා දරුවන් මේ වගේ තත්වයකට ඇද දමන්න තරම් තිරිසන්නුද? මත් රකුසාගේ සුවඳට ලොල් වූ ඔහුට මෙය කොතරම් සරල දෙයක් වෙලාද? එහෙත් අනෙක් තාත්තලා ආදරයෙන් දරුවන් රැක බලා ගන්නා හැටි සිහි වන විට මට කිව නොහැකි තරම් දුකක් ඇති වෙයි.

මට මැරෙන්න සිතෙයි. ඒ තරම්ම මට ජීවිතය එපා වී ඇත. ඒත් මගේ රත්තරං අම්මා. අයියෝ මගේ අම්මා. ඇයි මන් මැරෙන්නේ. මං කොහොමද අම්මාගේ බලාපොරොත්තු කඩ කරන්නේ. අම්මා රට ගියේ මගේ අනාගතය හදන්න නේද? ඒත් අම්මාට හදන්න අනාගතයක් ඉතිරී වී ඇද්ද? ඒ උණාට මං කොහොමද මේවා ඉවසා ගන්නේ. අනේ අම්මේ ඉක්මනින් එන්නකෝ. මං කොහොමද මේවා තනියම දරා ගන්නේ.



Tuesday, September 13, 2011

බෙදා දෙන්නා/කෙටිකතා/Ketikatha


බෙදා දෙන්නා
     මගේ සිත තවමත් සුලගේ සෙලවෙන්නාක් මෙනි. එනමුත් සිත රිජු ගෙයම් පැලයක් වී හමාරය. එනමුත් ගත් තීරණය වෙනස් කරන්නේ කුමටදැයි මට නොසිතේ. වනේ දැඩි කළ විට කැපේ සිත දාඩි කල විට ඊටත් වඩා කැපේ. කෙසේ වුවද කැපීම සිදු වන්නේ කපන ආකාරයටය. සිතද එසේය. නරක වැඩක් හෝ හොඳ වැඩක් කිරීමට සිත යම් එකඟතාවයක් තිබිය යුතුය. එබැවින් සිතේ දැඩි බව හොඳට හෝ නරකට සිටියි.
   ඒත් මා ගත් තීරණය කුමක්ද? එහි දොසක් මට නොපෙනේ. නමුත් මා අතින් සෙරකමක් සිදු වේද? නැත. මට සිතේන්නේ එසේය. මට කිසිවක් මා ගත් තිරණය වෙනස් කරන්න නොසිතේ. එත් මා සරදියෙල් කෙනෙක්ද. නැත. මා තරුණයෙක් පමණි. අයි මා ආය්ද අතට ගන්නේ. නැත මා එසේ කළ යුතුය. කමක් නෑ සියල්ල යහපතට සිදු වේවි.
       මා හට අද රාත්‍රියේ ඇත්තේ බිහිසුනු කටයුත්තක් කිරීමටය. එය මා විසින් ඇගේ පටලවා ගත් වැලකි. මට අවශ්‍ය නම් ඒ වැල ගලවා දැමිය හැක. ඒ වැල ගලවා දැමුවේ නම් සිදු වන්නේ තව තවත් සමාජය මිණිසා විනාසව යාමය.
    ගමේ කදු මත්තේ පිහිටි වන රොද අලංකාරය.එහි අලංකාරය හානි කරන වනයට සැඟව ගත් රෝග කාරකයක් ඇත. ඒ සමාජය තුල මුල් බැස ගත් රෝගයක මහා ගෙදරය. එහා උල්පත පිහිටියේ මේ වන රොද තුලය.
     ඒ අන් කිසිරෝගයක උපන් ගෙය නොව මත් රකුසා නම් රෝගයේ උපන් ගෙය වෙයි. එහි ස්කාගාරයකි. මත් නැමැති රකුසා එහි දියරයක් ලෙස උපදි. සැර ගඳකාන් යුක්තය. එය මිණිසුන්ගේ මුඛය තුලින් ශරිරයට රිනිගා විට මිණිසා උම්මනිතකයකු කරයි. රෝගියකුද කරයි. ජීවත් වන කාලය කපා දමයි.
      මේ නිකම්ම පැතිර යන ගමන් කරන රකුසකු නොවේ. එය මිණිසුන් විසින බිහි කර එක් එක් ප්‍රෙ‍දේශ කරා ගෙන යයි. ඒවා සල්ලි නම් මුදලි දී මිණිසුන් ගනියි. ඔහුන් විසින්ම රකුසාට බඩ නැමැති උමගට රින්ගා ගැනීමට ඉඩ දෙයි. එම උමගට රින්ගා ගත් විට මත් රකුසා වැඩ අරබයි. ලන් කර ගත් දේ අහක දමන්න නොදීම ලගට ආව මිතුරා තමා මිතුරකු ලෙස සැලකු මිණිසා නැමැති සතා විනාස කරයි.
               ඒ විනාසකාරි සතුරා ගැන සිහි වන විට මට ඇති වන්නේ බුර බුරා නැගෙන සිතුවිලි සමුදායකි. ඒ නිසාවෙන් මම මත් රකුසාගේ උපන් ගෙය විනාස කරන්න ගත් තීරණය මගේ සිතින් පලා නොයයි. ඒ නිසාවෙන්ම අද රාත්‍රිය ඉතා බිහිසුණු රාත්‍රියක් උදා කර ලීම අරුමයක් නොවේ.
                රාත්‍රි දහය පමණ වන විට කඩුවක් උල් පිහියක් අරගෙන මම නිවසින් පිටත් උනෙමි. ගෙදර අයට මා යන ගමන ගැන නොදැන්නුවෙමි. අන්ධකාරය නිසා සිතට ඇති වන අත්භූත ජනක සිතුවලි නැති කර ගැනීමට සිත ගලක් කර ගත්තෙමි.
                 මැණික් කැට පිරිවරාගෙන සඳ මඩල ලා නිල් පැහැති අහස නම් මුහුදේ දිලිසෙමින් පවති. තැන තැන පෙන පිඩු වන් වලාවෝ දක්නට ලැබේ. කවියෙකුට නම් රාත්‍රි අහස කවි සිතුවිලි ඇති කරයි. සිත්තෙරෙකුට සොඳුරු සිත්තම් මවා පායි. නමුත් තාරකා විද්දයාව කෙරෙහි උනන්දු වන්නෙකුට ඇති වන්නේ පරීක්ෂණාත්මක ගැබුරු සිතුවිලි සමුදායකි. සමහර විට සමහරෙකුට සුන්දර දසුනක් වන්නට පුළුවන. ඒත් ඒ මොහෙතේ පමණි.
                 අන්ධකාරය නම් බොර වූ ජලයකි. විසිර පවත්නා ගස් වැල් ජලජ පැලැටි මෙන්ය. බොර වතුරේ කිසිවක්ම පැහැදිලිව නොපෙනේ. එසේම අන්ධකනාරය තුලින් පරිසරය විනිවිද දැකිය නොහැක. විවිධාකාර රටාවන් මවමින් අවට පරිසරයේ ඇති ඇටසැකලි වැනි ගස් කදන් සිත තුල හොල්මන් අවතාර ජනිත කරයි. කාළාමැදිරියෝ අවට ඇති කරන උල්කා පාත වර්ෂාව නම් අලංකාරය. දීත්තිමත්ව බබලමින් ඇදෙන කලාමැදිරි උල්කාපාත එම දීප්තිය ටික දුරක් ගිය විට නැතිව යයි. ගස් මත වසා සිටින කළාමැදිරියෝ බල්බ මෙන් නිවි නිවි දැල්වෙයි. වවුලෝ ඉගිලි නද දෙති. රැහැයන්ගෙ නාදය විටින් විට ඇසේ. ගෙවල් කිහිපයක එළිද තැන් තැන් වල දක්නට ලැබේ.
                  කෙමෙන් කෙමෙන් නමුත් ඉක්මනින් වනය තුලට මම ඇතුලු වුනෙමි. ගස් අතරින් ලා සඳ රැස් පොවා එව්වද අන්ධකාරය ඉතා දැඩිය.  වනය තුලින් ඉද හිට සතුන්ගේ නාදයක් දෙකක් ඇසේ දොලක වතුර ගලා යන සංගීත රාවය ඇසේ. ඒත් මේ බයන්කර රාත්‍රි  වනයේ කොතරම් මනහර සංගීත රාවයක්ද, මත් රකුසාගේ උපන් ගෙය දොල අසලම වෙයි.
                 මම මත් රකුසා උපදින තැනට ලඟා උනෙමි. එතන වුයේ මත් රකුසා කුස තුල දරා ගත් කාඩි හැලි කිහිපයකි. එතුමා ඒ අසල ඇති බැරලයට රිංගා යටින් රත් වන විට මීදුමක් බවට පත් වී තමාව පෝෂණය කළ අය අත හැර  දමා ඇවිත් බටයක් දිගේ ගලා ගෙන විත් බැරල් තුලට රින්ගයි. එසේ එන විට විටෙක මීදුමක් වී ඇවිදින් බටය තුලදී සීතල වී දියරයක් වී බටය අවසානයේ ඇති භාජනයට රිංගයි. ඒ මත් රකුසා ජනිත වන හැටිය.
                  එම මත් රකුසා උපදින ස්කාගාරය ලඟ මිණිසුන් කිහිප දෙනෙක් වැටී බූරු ගසති. ඒත් එක් අයෙක් වටේ ගැන විපරමින් සිටී. ඔහු එම ක්‍රිඩාවට සම්බන්ද නොවි සිටියි. ඒ බැරි වෙලවත් පොලිසියෙන් හෝ වෙනත් කවුරු හරි පැමිණේදැයි බැලිමටය.
                 ඒත් මම ඉතා පරික්ෂමෙන් ඔහුන් ලගට ඉතා ලං වුනෙමි. ගිනි දල්වා තිබුනද එතරම් දුරකට විහිද නොයයි. එයද ඔහුන්ගේ එක් උපක්‍රමක් බව පෙනේ. පෙර කී විපරමෙන් සිටි කෙනා තරුණ කෙනෙකි. ඔහුගේ අතේ මූණිස්සම් තුවක්කුවක් වෙයි. තවත් එකක් බූරු ගසන අය ලඟ ඇත.
                   සතකුගේ මස් ගාතයක්ද පුච්චා ලඟ තබා ඇත. එය ඒ අය රස බලමින් සෙල්ලම් කරති. එහෙත් ඔහුන්ට ඉව අල්ලා ඇති සතා ගැන දැනීමක් නැත. එහෙත් ලඟ ලඟම සතුරා කුරුමානම් අල්ලයි.
                    මම ටික වේලාවක් බලා සිටිමි. කාඩ් සෙල්ලමේ ඉතා උණුසුම් අවස්ථාවක් උදා විය. එවිට ආරක්ෂාවට යොදා සිටි මිණිස් බල්ලාගෙ අවදානමද සෙල්ලම කරා ඇදිණි. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් මම මිණිස් බල්ලා කරා පියාබුවෙමි. පියාබන අතර තුර ඉතා වේගවත් පා පහරක් ඔහුට එල්ල ක‍ළෙමි. ස්ණිකයෙන් ක්‍රියාතමක වූ මම ඔහුගේ අතේ තිබු තුවක්කුවත් අනෙක් තුවක්කුවත් ඒ අය ගන්නට පෙර මම ගතිමි.
                     මම ඉතා ඉක්මනින් ඔහුන්ට සිතා ගන්නවත් බැරි ලෙස විටෙක කැළයට වැදෙමින් එක වරම නැවත පැමිණෙමින් වේගවත් ලෙස පහර දුන්නේමි. කිසිවකුත් පැන යාමට පෙර බිම දැමිමට හැකි විය. මා ගෙන ආ ලණුවෙන් ඔහුන්ගේ දෑත් සහා දෙපා බැඳ දැමුවෙමි. මා හිස වසාගෙන සිටි බැවින් ඔහුන්ට මාව හදුනා ගත නොහැකි විය.
                       ඉං පසුව මත් රකුසාගේ උපන් බිම විනාස කර දැමුවෙමි. මත් රකුසා මත් රකුසාගේ සියලු අයත් සමඟ පොලව තුලට රිනගා ගත්තේය. සමහර අය වාෂ්ප වී අතරුදහන් විය. ඇලෙන් වතුර ගෙන ගිනි ගොඩ නිමා දැමුවෙමි. ඔහුන් ලඟ තිබු මුදල් සහා තුවක්කු දෙක මම ගත්තේමි.
                      පසුව මම අත තිබු දුරකතනයෙන් පොලිසියට කතා කර සිද්දිය ගැන දැන්නුවෙමි. පසුව මම ඒ අසල සැඟව ගත්තෙක්මි. පොලිසියෙන් පැමිණ ඔහුන් අල්ලාගෙන යන ලදි. මම ඉන් පසුව ගෙදර බලා ආවෙමි.
                      උදේ පාන්දර පාර අයිනේ ඇති ගසකට මම පිට දී ගතිමි. ඒ පාරේ මිණිසුන් යන එන තෙක්ය. එමෙන්ම පෙර දින මම පැහැර ගත් මුදල් මිණිසුන් අතර බෙදා දීම සඳහාය. මට අයිති නැති මුදල් මට මොකටද, මට අයිති නැති දෙයක් මට අවශ්‍ය නැත. එසේම මම ඒවා ලබා ගත්තේ වැරදි විදිහටය.
                      මුදල් ලබා සමහර අය මට ස්තූති කර ගියේය. තවකෙක් කිසිවක් නොකීවේය. සමහය අය ඔනා කමින්ම මා ලඟට පැමිණ මුදල් ගෙන ගියේය. ඒ කපටි මිණිසුන්ය. සමහර අය මට පිස්සු කියා සිතේනනටද ඇත. ඉතාමත් කිලාතුරකින් කෙනෙක් මුදල් නොගෙනද යයි.
                     අනවශ්‍ය දෙයක් මට අවශ්‍ය නැත. සත්‍ය සාදාරණය මම ඉතාමත් අගයමි. හොඳ සමාජයක් බිහි වනු දකීමට මම කැමතිය. හොඳ මිණිසුන් පිරුණු සාමාජයක් අපි බිහි කරමු. සතුටින් පිරි ලොවක් දකින්න අපි වැඩ කරමු.
නිමි.
Related Posts Plugin for WordPress, Blogger...