Search

Thursday, February 28, 2013

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 4

කොටස 3 මෙතනින් කියවන්න.




තවත් දවසක මා පෙර කී පිට්ටනියේ ඇති උණ පඳුරු අසල පුංචි නංගි එයාලාගේ පංතියේ යාලුවන් සමඟ කතා කරමින් සිටියාය. අපේ කට්ටියත් මාත් එතනට සෙට් උනේ අහම්බෙන්ය. එදාද අපේ කට්ටිය ඒ සුදු නංගියාට ඇසෙන ලෙස මගේ නම කියා එක එක දේවල් කියන්න විය.

එහෙත් එදා මා පැහැදලි වෙනසක් ඇගෙන් දැක්කේය. මඳක් ලැජ්ජාවෙන් ඇය ඇඹරෙන්න විය. එපමණක් නොව ඇගේ යාලුවෝද මං දෙහා බලා සිනා වෙලා ඇයට මොනවද කීවා. මට නම් ටිකක් මොකද්ද වගේ. ටිකක් ලැජ්වක් හිතුනා. බොරු කියන්නේ මොකටද මම අනෙක් පැත්ත හැරි යාලුවන් සමඟ කතා කරනවා වගෙ සැඟවෙන්න අනෙක් පැත්ත හැරි සිටියෙමි.

මම ඇය දෙස කිහිප වරක් අනෙක් ඇයට හොරෙන් බැලුවෙමි. ඇයට ටෝක් කරන්නට තියෙනවා නම් හොඳයි  කියා සිත කීවත් ඇයට දැනෙන ලෙස ඇය දෙස බැලුවේ නැත. අනික ඒ නංගියාව සිතේ මවා ගෑනීමට මට උවමනාවක්ද නැත.

සිත පුරා කිසිම විටෙක ආදරණීය හැගිම් ඇය ගැන ඇති උනේ නෑ. සමහර විට ඇය යාලු කර ගැනීමට මට හැකි නොවේ යැයි සිතුන නිසා විය හැක. අනේ මන්දා. කොහොමත් මා සිතුවේද සියල්ල අමතක කර දමන්නය. ඒ නිසාම ඈ ගැන අදහසක් මා සිත තුලට ආවේ නැත.

මා පාසලේ අපේ පංතියේ යාලුවන් ඇසරු කලාට එතරම් ලඟ සම්බන්දතා ඔහුන් සමඟ තිබුණේ නැත. ලඟින්ම ඇසුරු කලේ සුමින්දය. ඔහු නම් මහ පිස්සු පොරක්. හොඳට ඉගෙන ගන්න මිනිහට පුලුවන් උනත් ඉගෙන ගන්න එතරම් උනන්දුවක් දැක් වූයේ නැත.

යම් තරමක හෝ ඇයට ටොක් කර යාලු කර ගැනීමට අදහසක් තිබුණද මා හට ඒ ගැන කියන්න යාලුවෙක් හිටියේ නැත. එහෙම යාලුවන් සිටියද සිත තුල එවැනි අදහසක් යාලුවන් සමඟහුවමාරු කර ගන්න තරම් තත්ත්වය මා සිටියේ නැත. ඇත්තටම සිදු වුයේ නිහඬව කාලය ගෙවි යාමය. 

2 comments:

  1. හොද උත්සාහයක්.. ඒත් කතාව ගලා යන විදිහ නම් ඉතාමත්ම සෙමින් නේ යාලුවා. සංවේදී කතාවක ආරම්භය වගේ. පුලුවන්නම් "ටෝක්" කරනවා කියන එක වෙනස් විදිහකට යොදන්න. සුභපතනවා කතාවට.

    ReplyDelete
    Replies
    1. මාත් ඔයා ගැන හිතුවා කතාව ලියන්න ඉස්සර. ඒත් මේ කතාව ලියද්දි ඒ කතාව සිදු උන කාලයේ භාවිත කල වචන තමයි යොදා ගන්නේ. අනෙක් දේ නම් මේ කතාව මට කීව කෙනාගෙ අදහස් වලට ගැලපෙන විදිහට එයා හිතන විදිහට කතාව ලියනනේ. ඒ නිසා අමුතු නුහුරක් තියෙන්න පුලුවන්. අනෙක් කරුන සිංහල ව්‍යාකරණ භාවිත කිරීමට උත්තසහ කිරීම, නුතන සමාජයට ගැලපෙන වචන වලින් මේ කතාව ලියා නැති වීමත් ලොකු ගැටලුවක් කියා මා මුල සිටම දැන සිටියෙමි. හරි වැරදි පෙන්වා දීම පිලිබඳව මා ඔබට තුති වෙමි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...