Search

Showing posts with label ආදර ගීත. Show all posts
Showing posts with label ආදර ගීත. Show all posts

Wednesday, June 27, 2012

සීතලයි ගත පුරා දැවටී සුලං


සීතලයි ගත පුරා දැවටී සුලං
හිම කැට අතර ඔබ හැංගි
මම ආවේ රුසියාවට ඈ බලන්න
කුමරි මගෙයි රසියන් කුමරි

ඔරෙන්ග්බග් නගරේ පුරා ඔබ
මා හද පුරා ඔබ දිව ගියෙ
සුදු කෙල්ලේ රුසියාවේ කුමරිය
රත්තරං මන් ආව ඔබව දකින්න

හිම කැට වගෙ සීතලයි මගෙ හද
හිම මෙන් පිරිසිදු මගෙ සිතේ ආලේ
ඔබේ ආදරේ මා රුසියාවට එව්වේ
රත්තරං කුමරිය මගෙ රුසියාවේ










අමතක නොවන සෙනෙහසක පැටලි


අමතක නොවන සෙනෙහසක පැටලි
අපි අපේ වෙන්න පැතුම් පතා
නදි ඔබව මට හිමි වෙන්න පතා
මම ඔබට හිමි වෙන්න පතා

නොසිතු මොහොතක හමු වූ කුමරිය
දුර ඈත රටක තනි වී යුවතිය
දහසක් ප්‍රශ්න අතර අතරමන්ව ගිය
ඔබව රැක ගන්නම් මා හදින්

මැණිකක් රකිනා නා රජු ලෙසින්
ඔබ රකින්නම් සදා මා කුමරිය
ඉරේෂා ඔබව මගෙ රන් නදී
ගලනා ජීවන නදියෙ ඔබයි නදී

සෙනෙහස අමතකව ගිය වෙලාවක


සෙනෙහස අමතකව ගිය වෙලාවක
ඔබ ආවේ සෙනෙහස අයැද
ලැබු ඔබේ සෙනෙහස හන්දා
මා හද පුරා සෙනෙහස පිපිදි

නොසිතු මොහොතක ඇය හමු විය
පෙස් බුකියේ චැට් කරන අතරේ
හායි කියා නිකමට ඔබ කියා කිව්ව
එතැන් පටන් මිතුරු කමෙන් බැඳිලා

ටික ටික මිතුරු කමක් ලියැලි
මිතුරු කමත් ආදරයට පෙරලි
ඔබ මා හද මඩලේ ආදරේ අරන්
නදී ඔබයි මා ආදර කුමරිය


Monday, June 4, 2012

ලියන කවි පද අතරින්


ලියන කවි පද අතරින්
සිනැහෙන ඔබ සටහන් අතරින්
ඔබේ රුව සිතේ ඇඳේ
රන් කඳ මගෙම රත්තරං

කෙසිතූ මොහොතක හමු උන
ඔබ මා කුමරිය විය
නොහඳුන පෙමක වේලී
ආදර ලොවක පියවර තබා

ඈ මගේ දයාබර හිතවති
සිහින අතර හැංගිලා
නදී මා සිත හැංගී
මා හද නලවන කුමරී

Sunday, June 3, 2012

නලඟන රුවක් වගේ හරිම ලස්සනයි


නලඟන රුවක් වගේ හරිම ලස්සනයි
ඔබේ හිතේ තිබෙන ආදරේ පිවිතුරුයි
එහෙම උනත් කාසි කොල වලටයි
ජීවිතේ ගෙවන්නේ රාත්‍රියේ

සැමදාමත් එන්නේ ඔබව සොයාලා
කී දෙනෙක් ඔබෙන් සතුට වින්දාදෝ
ඔබේ රුවට ආල කරන සැම
සල්ලි වලටයි ඉතින් හැමදාම

සමාජයේ තහනම් වූ නීතියෙන්
එහෙම උනත් නෑ ඔබ හැරදා
මටම දුකයි ඔබ ගැන ලඳුනේ
මගෙ සිතත් ඔබේ හදවතෙයි


Monday, May 28, 2012

සිත දඟ කරයි මං නුඹ ගාවදි


සිත දඟ කරයි මං නුඹ ගාවදි
නෙතු බැල්මන් ඔබේ නෙතට හොරා
සීතල ඔබේ මුදු පහස දැනේ

හද ගත් මා නුබේ පෙම් කුමරි
කුමරුනි මා හද සනසන්න
කියන්න ආදර බස්

පතන්නේ පැතුමන් නැති ලෝකේ
සිහින කුමටද මවන්නේ
සදා ආදරේ මන් නුඹට

හිත අද්දර ඔබේ වදන්
සැඟවී මා හද ගැබරේ
සදා ආදරේ සදන්නේ



Monday, April 23, 2012

අර වෙසක් තොරණ දෙස බලන්


අර වෙසක් තොරණ දෙස බලන්
මොන ජාතක කතාවද බලන්
පාට පාට එලි ඇවිලෙනවාද බලන්
පුංචි කිරිල්ලියේ නුඹත් වාගේමදැයි

බුදු රැස් විහිදෙයි විදුලි එළියෙන්
ජවනිකා මතු වෙයි කොටසින් කොටස
පැතුමන් එක් කර සිත සතොසින්
බලමු අපි දෙදෙනා සිරි තොරණ්

වෙසක් සිරියාවයි මුලු ලෝකෙම
දහම් සිත් පිපිදිලා මිණිසුන්ගේම
හදක් හදකට ලං වෙලා ආදරෙන්
එකට එක් වෙන්නට හදවතින්

Tuesday, February 14, 2012

පාට පාට සළු පිරිවරා/වැලන්ටයින් දිනය

පාට පාට සළු පිරිවරා
ඈත ඈත රන් කිරිල්ලියො
මෑත මෑත රන් කුරුල්ලෝ
ඉගිල යන්නේ නිදැල්ලේ

ආදර මාලිගා අතරේ
සැමරුම් දසත පුරා
වැලන්ටයින් දිනයේ
ආදර රාව නැගෙන්නේ

පෙම්වතුන්ගේ ආදරේ
සුන්දර සැමරුම් දෝත පුරා
හදක් හදකට තදින් බැදෙන්න
ආසිරි වැලන්ටයින් දිනයේ


Monday, January 23, 2012

පයා ආ හිරු එළිය පරදවා/Paya Aa Hiru Eliya Paradawa/ආදර ගීත/love song



පයා ආ හිරු එළිය පරදවා
කළු වලා කුළු අහසේ පිරෙන්නේ
මහ වැස්සට පරිසරයම ඉඩ දීලා
කෙතේ ගොයම් නෙලනා ලදුනේ
ඔබ තෙමේවි ඉන්න තැනක් නෑ

දිය බැහැලා තිබු පුංචි කෙතේ
මඩ වසා වසින දිය පිරේ
සීතලට ගැසෙන ගත අරන්
එන්න ලඳුනි හැකි විගසින්

ඔබේ යහළු යෙහෙළියෝ
අපි ඔක්කොම නැහැවිලා
තුරු ලියත් නැහැවෙයි
අළුත් පනක් ලබන්නට
අපේ සිතේ හැගුම් පුරවලා

නියර දීගේ එන විට ඔබ
මුතු වැස්ස අතරින් හෙමිහිට
මුළු ගත තෙමී ඉන්න ලදුනි
මගෙම රත්තරං වෙනවද



Sunday, January 22, 2012

හද ගන්නම ගන්නට/Hada Gannama Gannata/ආදර ගීත/love song


හද ගන්නම ගන්නට
ජීවිතේ ඔබට පුදන්නට
එන්න මගේ ස්වාමිනේ

මා හද පරදන සිතුවිලි
මා හද රැදෙනා අතරේ
පුදනු මා හට ආදරේ
ඉගි නොමරා දැසින්
හද පාරන සිතුවිලි
මා හද ගත්තේ
ඔබේ සිත් මඩලේ
හිනැහෙන්න ආසයි ස්වාමිනේ

මගේ ප්‍රේම මල් යහනට එන්න
සැතපෙන්න ආදර මල් යහනේ
සීතල උණුසුම බෙදා ගන්න


Friday, January 20, 2012

සිත ඔබ හට දෙන්න/ආදර ගීත/love song


සිත ඔබ හට දෙන්න
ඔය හද තුල බලන්න
ඔය සිනහව අතරින්
එබී බලන්නට අවසර

සුරතල් සිනාවෝ ගලා  
ඔය මුව මද හසක්
ගලා යන්නේ සිනාවක්
නෙතඟ බලා ඉන්නට


Thursday, January 19, 2012

සීතලයි ගත පුරා දැවටී සුලං/ආදර ගීත/love song


සීතලයි ගත පුරා දැවටී සුලං
හිම කැට අතරේ ඔබ දුව හැංගී
මම ආවේ රුසියාවට ඈ බලන්න
කුමරි මගේයි රසියන් කුමරි

ඔරෙන්බරග් නගරය පුරා ඔබ
මා හද පුරා ඔබ දුව ගියේ
සුදු කෙල්ලේ රුසියාවේ කුමරියේ
රත්තරං මං ආව ඔබව දකින්න

හිම කැට වාගේ සීතල මගේ හද
හිම මෙන් පිරිසිදු ආලේ මගේ
ඔබේ ආදරේ මා රුසියාවට එව්වේ
රත්තරං කුමරිය මගේ රුසියාවේ


Related Posts Plugin for WordPress, Blogger...