Search

Tuesday, January 3, 2012

විකිණෙන දැරිය/කෙටි කතා/short story


විකිණෙන දැරිය

 ලා හිරු රැස් වැටි මිහිමත රන්වන් පාටින් බබලයි. ගහකොළ සීරුවෙන් සිටි. නමුත් මද නල නිසා ගහ කොළ මදක් නැලවෙයි. වටින් ගොඩින් කරුවල වැටිගෙන එයි. කුරුළු රෑන් රෑන් පිටින් කැදලි කරා පියබා යයි.

මා මද එළියෙන් පොතක පිටු පෙරලමින් එහෙන් මෙහෙන් අලසව බලා උන්නෙමි. මගේ සිතට පිටු අතර ඇති දේ කියවීමට සිත් නොදෙයි. මගේ සිත තුල විවිධාකාර සිතුවිළි ඇදි යයි. වරෙක මම මටම සාප කර ගතිමි. ඒත් කුමක් කරන්නද උපතින්ම අපට උරුම වුයේ දුප්පත් කම සහ දුකය.

පියා සුළු සුළු වැඩ කරමින් එදිනෙදා ජීවිතය ගෙන යාමට මුදල් හම්බ කරයි. එනමුත් එය ඔහුගේ මත් පැන් වලට ගිය කළ අතේ ඉතිරි වන කියක්වත් නැත. ඇත්තටම මගේ පියා බේබද්දෙකි. එයට ඔහු කොතරම් ඇබ්බැහි වෙලාද කීවොත් එයින් තොර ලොවක් ඔහුට නැත.

මට මා ගැනම කළ කිරෙයි. ඕ මගේ අම්මා සිටියානම්. ඈ අද ඉන්නේ පිට රටය. ඇය එවන මුදල් තාත්තා විනාශ කරනු හැර අපගේ දුප්පත් කමින් ගොඩ ඒමට ඔහු නොසිතයි. තමා කරන කිසියම් වැඩකින් හම්බ වෙන මුදලින් කරනුයේ ඔහුගේ බේබදු කමට මුදල් යෙදවීමය.

අම්මා සිටියානම් කොච්චර හොඳදෙ. ඈ සිටියානම් මට මගේ තනිකම හෝ නැතිවෙනවාය. ඒත් අද ඇය මං ලඟ නෑ. මං වගේ දරුවෝ කී දෙනෙක් මං වගෙ සිතින් දුක් විදිනවාද. මට ගත කරන එදිනෙදා ජීවිතය මතක් වන කොටත් ජීවිතය එපා වෙයි. ඒත් මගෙ රත්තරං අම්මා ගැන සිතෙන විට ඒ ගැන යටපත් වෙයි. අම්මා රට ගියේ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් නේද. මං මොකටද රත්තරං අම්මාගේ බලාපොරොත්තු කඩ කරන්නේ.



කුමන දුකක් ආවත් ඉවසා සිටින්නේ ඒ නිසාවෙනි. කමක් නෑ කවදා හෝ මේ අඳුරු ජීවිතයට එළියක් පායයිනේ. එතෙක් ඉවසා සිටීම හොඳය. ඒත් තාත්තා ගැන සිහි වන විට නම් ඒ අදහස දියාරු වී යයි. අහෝ.... මා ගන්නා තීරණය කුමක්ද? ඇයි මගෙ වයසට වඩා මේ වාගේ සිතුවිලි සමුදායක පැටලෙන්නේ. මට ම නොතේරේ.

ඔරලෝසුවේ වෙලාව රාත්‍රි දහය පමණ වෙයි. බොහෝ වේලාවක් මම සිතුවිලි වල පැටලී සිටියෙමි.නැතහොත් මට මෙතෙක් වෙලා නින්ද ගියේද? මා දන්නේ නැත. මට සිතෙන්නේ මා මෙතරම් වෙලාවක් අඩ නින්දේ සිතන්න ඇති බවය.

ටික වෙලාවක් ගිය පසු තාත්තා පැමිණ ඇති බව ඔහුගේ උස් කට හඬින් මම හදුනා ගතිමි. මම අප්පිරියාවෙන් මෙන් ගොස් ඔහුට දොර ඇරියෙමි. ඔහුගේ  මුහුණේ වෙනදා නොවු සතුටු බවක් ඇති බව පෙනේ. ඔහු පැමිණ සිටියේ තරුණයන් කිහිප දෙනෙකු සමගය. ඔහුන් දැකීමෙන් මගේ සිතට මද බියක් ගෙන ආවේය.

ලාම්පුවේ මද එළියෙන් අවට අලෝක වී තිබේ. ඒත් මම පිරිසෙන් ගැලවීමට කාමරයට රින්ගා ගත්තෙමි. මම ඇදේ මුනින් තලා වැතිරි චිත්තයෙන් මුහුණ වසා ගත්තෙමි. මං වගේ ලාබාල තරුණියෙකුට බියක් ඇති වීම පුදුමයක්ද? අහෝ මගේ ගත පුරා වෙවුලුම් දී ඇදී යන්නේ චතිකයකි.

තාත්තා සමඟ පැමිණ සිටි තිදෙනා එකිනෙකා සමඟ කතා කරනු මට ඇසේ. එසේ වුවත් මා ඊට කන් නොදුන්නෙමි. ඔහුන් උස් හඬින් සිනා සෙමින් කතා කරයි. තාත්තා විසින් දමා ඇති කුඩා රේඩියෝවේ හඬ අපහැදිලි වුවත් එම හඬ මට කුඩා හෝ අස්වැසිල්ලකි. ටික වේලාවකට පසු තාත්තා පැමිණ මට කතා කළේය. ඒසේ වුවත් ඔහු සමඟ කතා කිරීමට මට පිරියක් නැත.

“දුවේ මන් උබට පාන් කැල්ලකුයි උම්බලකට සම්බෝල එකකුයි ගෙනාවා. ළුණු ටිකක් එක්ක සම්බෝල හදාගෙන කාපන්. මට යන්න තියෙනවා පොඩි වැඩකට

‘‘හා.... කොහෙද යන්නේ තාත්තේ තාත්තා කියු විදිහට මා හද තුල පියා කෙරෙහි යන්තම් හෝ අනුකම්පාවක් ඇති විය.

‘‘පොඩි වැඩකට දුවේ ඔහු එසේ කියා කාමරයෙන් පිටව ගියේය.


තාත්තා තබා ගිය පාන් කෑල්ල කන්නට මට පිරියක් නැත. එය පස්සෙ කන්න සිතාගෙන පැත්තකින් තැබුවෙමි. අඩි සබ්දයක් ඇසී මා තිගැස්සුනෙමි. පසු පස බැලු මට අදහා ගත නොහැකි දසුණක් දිස් විය.ඒ සිටියේ තාත්තා සමඟ පැමිණ සිටි තරුණයන් තිදෙනා බැවිනි. මම ඔහුන් දෙස සැලෙන හදින් යුතුව බලා සිටියෙමි.

අහෝ... ඔහුන් තිදෙනා මා කරා ආක්‍රමණය කළේය. මා කෑගැසීමට තැත් කළද තරුණයකුගේ හැඩි දැඩි දෑතකින් මගෙ මුව වැසි ගිය බැවින් මද හඬක් පමණක් නැගිණි. මම ඔහුන්ගෙන් බේරිමට දඟලන්න විමි. ඒත් අහිංසක මා හට පිරිමින් තිදෙනෙක් සමඟ පොර බැදිය හැකිද? මම මහත් සේ අසරණ වූයෙමි.

“දඟලන්න එපා සුපර්ණා. අනේ ඔහොම ඉන්නකෝ...

“පල යන්න මෙතනින් මගේ සිතට ආව තරහ නිසාම මුවින් පිට විය.

“මොකද්ද කීවේ එක් තරුණයෙක් මට තර්ජනය කළේය. “සුපර්ණා ඔයා ඔයාගේ තාත්තා අපට සල්ලි වලට දීලා තියෙන්නේ. ඒක හිංද ඔයා අපිටයි අයිති සුදු කෙල්ලේ

“අයියෝ මම හඬා වැටුනෙමි. ඉන් කිසි පලක් නැත. සිදු වුයේ මගේ පිරිසිදු බව නැතිව යාමය. මට උදේ වෙනකම් ඔහුන්ගෙ ග්‍රහණයෙන් මිදිමට නොහැකි විය. ඔහුන්ගෙ විවිධාකාර හිරිහැර වලට උදේ වෙනකම් මා නතු විය. මාව විනාශ කර ඔහු සිනා වෙලා පිටව ගියේ අසරණ මට කරන සමච්චලයකට මෙනි.

මා හඬන්න විමි. මාගේ මුහුණ පවා ගෙන දුන්නේ වේදනාකාරි බවකි. මූණ හොඳට රතු වී ඉදිමි ගොස්ය. ශරිරය පුරා ගෙන දුන්නේ වේදනාවකි. ඔලුව පවා කැරකේ. මට මා ඉන්නා තැන පවා සිහියක් නැත. දැසින් ගලා ආ කඳුළු කැට මගේ ලැමැද තෙමා ගොසිනි.

මට පෙර සිදුවීම සිහි වන විට පවා ඇති වන්නේ කිව නොහැකි තරම් වේදනාවකි. එය මතක් වන වාරයක් වාරයක් පාසා මම හැඬුවෙමි. විටෙක සිත බියෙන් සලිත වෙයි. අසරණ මා කුමක් කරන්ද? තාත්තා ගැන සිහි වන ඇති වන්නේ කිව නොහැකි තරම් පිළිකුලකි. එදා දටසම මම හැඬුවෙමි.



දැස්, අත්, පය, මුළු ගතම රිදුන් දුන්නා පමණක් නොව උණ ද ගැනිනි. එදින ආහාර ගත්තාද කියා මා හට මතකයක් නැත. සිතුවිලි පුරා ඇත්තේ හිස් බවකි. මාගේ ආදරණිය අම්මා සිහි වන විට මා හට මද අස්වැසිල්ලක් ඇති වෙයි. අම්මා දැන් නැත. අම්මා සිටියානම් මට අම්මාගේ තුරුලේ නිදියන්න ඇත්නම් මේ සියල්ලම අමතකව යාවි. ඒත් ඊට වරම් නැත. අයියෝ මගේ අම්මේ, මට බෑ තව ඉවසන්න.

පසු දින රැයද සිදු වුවේ වෙන පිරිසකට මා ගොදුරු වීමයය. තාත්තා මා මුදලට විකුණන බව සිහි වන විට ඇති වන්නේ කිව නොහැකි තරම් කළ කිරීමකි. මා මෙසේ අනාත වෙන්න තරම් ඉඩ හරින්න තරම් පියා තිරිසන් වුයේ කෙසේද? මා හට හිතා ගන්නවත් බැරිය. තාත්තලා දරුවන් මේ වගේ තත්වයකට ඇද දමන්න තරම් තිරිසන්නුද? මත් රකුසාගේ සුවඳට ලොල් වූ ඔහුට මෙය කොතරම් සරල දෙයක් වෙලාද? එහෙත් අනෙක් තාත්තලා ආදරයෙන් දරුවන් රැක බලා ගන්නා හැටි සිහි වන විට මට කිව නොහැකි තරම් දුකක් ඇති වෙයි.

මට මැරෙන්න සිතෙයි. ඒ තරම්ම මට ජීවිතය එපා වී ඇත. ඒත් මගේ රත්තරං අම්මා. අයියෝ මගේ අම්මා. ඇයි මන් මැරෙන්නේ. මං කොහොමද අම්මාගේ බලාපොරොත්තු කඩ කරන්නේ. අම්මා රට ගියේ මගේ අනාගතය හදන්න නේද? ඒත් අම්මාට හදන්න අනාගතයක් ඉතිරී වී ඇද්ද? ඒ උණාට මං කොහොමද මේවා ඉවසා ගන්නේ. අනේ අම්මේ ඉක්මනින් එන්නකෝ. මං කොහොමද මේවා තනියම දරා ගන්නේ.




මෙලෙස ටික කාලයක් ගෙවි ගියේය. කලක් යන විට මට එය පුරුදු දෙයක් විය. එහෙත් තීරණාත්මක රැය ලඟා විය. එදින තරුණයෝ පස් දෙනෙක් පැමිණ සිටියෝය. සුපුරුදු ලෙසම එදිනද ඒ තරුණයෝ හොඳට මත් පැන් පානය කර වෙරි මතින් මගේ කාමරය කරා ඇදුනේය.

කළාමැදිරි එළියක් තරම් ලාම්පු එළියෙන් මා හට ඔහුන්ගේ මුහුණු දැක ගත හැකි විය. ඔහුන් කෙමෙන් කෙමෙන් මා කරා ඇදෙන්න විය. එක් තරුණයෙක් මා කරා ලං වනවාත් සමඟම ඔහු කවුරු හෝ දුන් පහරකින් වීසි වී වැටුණි. මට වත් මේ සිදු වුයේ කුමක් දැයි සිතා ගත නොහැකි විය. කවුරු හෝ තරුණයෙක් අදුරේම එතන සිටි පස් දෙනාටම පහර දුන්නේය. මම ඇදේ මුල්ලකට ගුලි වී රෙද්දකින් මුහුණ වසා ඒ රෙද්ද අතරින් මොකක්ද සිදු වන්නේ කියා බැලුවෙමි.

අදුරේම කඩා පැන්න තරුණයා අර අයට පොල්ලකින්ද පහර දුන්නේය. ඔහුගේ මුහුණවත් බැලිය නොහැකි තරම් රෟද්‍ර පෙනුමකින් යුක්ත විය. දැඩි ලෙස තරුණයන් පස් දෙනාටම ඔහු පහර දුන්නේය. මම බියෙන් සලිත වී තව තවත් ඇදේ පසෙකට ගුලි විය. බයටම මට හැඩිනි.

ඔහුනට පහර දී තරුණයෝ පස් දෙනා එලියට ඇද දැමු ඔහු මා කරා ආවේය. මගේ අතක් ගෙන ඔහු අල්ලා ගත්තේය. අල්ලාගෙන මගේ ඔලුව අත ගැවේය. මම ලැජ්ජාවෙන් බිම බලා ගත්තෙමි.

“නංගි ඔයා මට බය වෙන්න එපා. මං ඔයාට කරදරයක් කරන්නේ නෑ. මං ආවේ ඔයා බේරා ගන්න. අඬන් නැතිව ඉන්නකෝ

ඔහුගේ එම වචන ඇසුනාත් සමඟ මගේ සිතේ තිබුණ බය ගතිය මදක් අඩු විය.

“මට ගොඩක් වෙලා මෙතන ඉන්න බෑ. ඔයා එන්න මාත් එක්ක යන්න. බය වෙන්න එපා ඔයාට මං මොනවත් කරන්නේ නෑ. ඔයාට මෙහෙට වෙලා මේ වගෙ දුක් විද විද ඉන්න බෑනේ. මං කියන දේ අහන්න හොඳ ලමයා වගේ

“අනේ.... අයියේ...... මට කියැවිනි.

“ඇයි නංගි මොකද්ද ප්‍රශ්නේ

“නෑ අයියේ තාත්තා මං ගෙදර නෑ කියලා දැන ගත්තොත් මාව මරයි

“ඔයාග් තාත්තා හිටියත් නෑ වගේ නේද? නැත්නම් මේ වගේ දේවල් මෙතන සිද්ද වෙන්නේ නෑනේ

මං ලැජ්ජාවෙන් බිම බලා ගත්තෙමි. මා වටා ඇති ලෝකය මා වටේ කැරකෙනවා දැනේ.

“ඔයා මං කියන එක තේරුම් ගන්න . ඔයා මේ තත්වයට වැටෙන්න ඕනැ කෙල්ලෙක් නෙවේ. එන්න මාත් එක්ක යන්න. මං ඔයා ගැන දන්න නිසා තමයි ඔයා හොයගෙන ආවේ. අපේ ගෙදරත් ඔයා වගේ නංගි කෙනෙක් අපේ ගෙදර ඉන්නනවා. මං දන්නවා ඔය වගේ කෙල්ලෙක්ගේ දුක.

“අනේ මන්දා අයියේ නෙතට ආ කඳුළු පිස ගනිමින් මම කීවෙමි.



ඔහු අතින් අල්ලා මා නැගිට්ටුවාගෙන මාව ගෙන යන්න සැරසුනි. මම ඉබේටම වගේ නැගෙට්ටුනෙමි. සිතත් කියන්නේ මේ විදින දුක ඇති කියලාය. සිත ඔහු සමඟ යන්නම කියයි. එහෙත් මේ තරුණයා ගැන කෙසේ විස්වාස කරන්නද? සමහර විට මාව රවටගෙන මෙවැනි කරදරයක පටලවන්න ගෙන යන්න උත්සහ කරනවා වෙන්න බැරිද?

අනේ මන්දා මට කිසිවක් සිතා ගන්න බැරිය. මම මෙතෙක් විඳ ඇති දුක සිහි වන විට මොහු සමඟ ගිහින් මොන කරදරයක පැටලුනත් මොකද යැයි සිතේ. එබැවින්දෝ නියැතින් මම ඔහුගේ ඉල්ලීමට අවනත වුනෙමි.

මහ රෑම ඔහුගේ නිවසට අපි ගියෙමු. අපි යන විටත් ඔහුගේ ගෙදර අය නිදා සිටියෝය. ඔහු ගෙදර අය අවදි කරවා දොර හැර ගත්තේය. නිවස ඇතුලේ සිට ඔහුගේ අම්මයි නංගියි එළියට ආවේය. මට මද බියක් ද දැනේ. සමහර විට තරුණයාගේ අම්මා බනිවීදෝ යැයි සිතේ. මම ටිකක් බිම බලාගෙන වුන්නෙමි.

“කවුද පුතේ මේ

“මං පස්සේ කියන්නම් තරුණයා පිලිතුරු දුන්නේය. “එන්න නංගි ඇතුලට

මම ඔහු පිටිපස්සෙන් ගෙට ඇතුළු උනෙමි. එනමුත් මගේ හදවත නිතරම ඔහුගේ අම්මා බනි වී දෝ කියා ගැහෙයි.

“ නංගි මෙයා ඇද ගන්න ඇදුමක් දෙන්න එසේ කියා තරුණයා ඔහුගේ අම්මා අඩගහගෙන ගේ තුලට ගියාය. ඔහු කුමක් ඔහුගේ අම්මාට කියයි ද කියලා මගේ සිතට බියක් දැනේ. ඔහුගේ අමම්මා මේ මොන කෙල්ලෙක් ද මේ ගෙදරට එක්ක ආවේ කියලද මාව එලාව ගනීද? අනේ එහෙමනම් වෙන්න එපා.

“එන්න යං මගේ කාමරේට තරුණයාගේ නංගි මට කතා කළාය.

“ඔයාගේ නම මොකද්ද ඇය මට ඇද ගන්න ගවුමක් මට දෙන ගමන් මගෙන් ඇසුවේය.

“සුපර්ණා

“ලස්සන නමක්නේ” මම අහිංසකව සිනා සුනෙමි. “ඔයා අයියාගේ යාලුවෙක්ද?

මම බිම බලා ගත්තෙමි.

“හා කමක්  නැ සුපර්ණා. ඔයා කාලද ඉන්නේ”

මම නැවතත් බිම බලා ගත්තේය. ඇය මගේ අත අල්ලාගෙන එලියට ආවාය. තරුණයාත් ඔහුගේ අම්මාත් ඉස්තෝපුපුවේ විය.

“දුව කලා නෑ නේද? යං කන්න” තරුණයාගේ අම්මා මගේ හිස අත ගාමින් මව කන්න එක්ක ගියාය.

 අහෝ.... ඔහුන් කොතරම් හොඳ අයද?

“මම දන්නවා දුවේ සේරම කතාව. ඔයා බය වෙන්න එපා අපි ඉන්නවානේ. සේරම අමතක කරලා කලා ඉමු. පුතේ යං කන්න.”

ඔහුන් කොතරම් හොඳ අයද? මිණිසුන් අතර නරක අය මෙන්ම හොඳ අය කොතරම් ඉන්නවාද? මේ වාගේ හොඳ අය ලෝකය තුල ඉන්නවානම් ලෝකය කොතරම් ලස්සන වෙනවද? සෙනෙහස දයාව අනුකම්පාව ආදරය තියෙන තැනක තැනක ඉන්න තියෙනවානම් අපි කොතරම් වාසනාවන්ත වෙන්න ඕනැද?

පසු දින තරුණයා මගේ පියා හමු වී මේ කතාව ඔහුට කියා ඇත. ඔහු මගේ පියා බය කර ඇත. අයේ  මේ වගේ කරදරයක් කරන්න ආවොත් පොලිසියට අල්ලා දෙන බවද කියා ඇත. ඒ වගේම මා ඔහුගේ ගෙදර තියා  ගන්නා බව ද කියා ඇත. ඒ කතාවනම් මා හට ඇති කලේ කිව නොහැකි තරම් සතුටකි. මේ වගේ හොඳ මිණිස්සු ලඟ ඉන්න තියෙනවානම් කොච්චර හොඳද.

මා විසින් ලියා දෙන ලද ලියුමක් අම්මා වෙත යවා ඈ ලංකාවට ගෙන්නා ගැනීමට මට හැකි විය. අම්මා මා ලඟට ආපු දවසේ මම හොඳට ම අම්මාගේ තුරුලට වී හැඬුවෙමි. ඇති වන කම් හඬා මම සිත සැහැල්ලු කර ගතිමි. කිව නොහැකි තරම් සතුටක් ඇති වූයේ එදිනය.

සමහර විට මා ගැන මගේ අම්මාට තරුණයා කියා තිබෙන්න පුලුවනි. එහෙත් මට කමක් නැත. මම ඔහුට දොස් නොකියමි. මගේ අම්මා මට ඉන්නවානේ. කවදාවත් සෑබැ මවකට මේ දේවල් තේරුමි ගන්න පුලුවන. දුක සතුට බෙදා ගන්න දෙමාපියන් ලඟ ඉන්නවානම් කවදාවත් අපිට දුකක් ඇති නොවේවි.

මට උදව් කරපු තරුණයා ඔහුගේ නංගි මගේ සිතේ තදින්ම බැදි ඇත. සහොදරයකු නොවු ඔහු මට සහොදරයෙක් විය. ඔහුගේ නංගි සහොදරියක් මෙන් මා ලඟ නිතරම උන්නේය. ඔහුගේ මව මට සැබැ මවක් වූවාය. ටික කලක් යන විට මේ ගෙය මගෙම තැනක් මෙන් විය. මෙය සැබැ ජීවිතය යායි සිතෙන තරම් සතුටක් එහි තිබුනේය.

කළක සිට ඇන සිට තිබු පාසල් ගමන නැවතත් මා හට යන්න හැකි විය. අමිහිරි අතීතය හැර දමා නැවතත් මිහිරි අනාගතයක් කරා යාමට කාළය පැමණි ඇත. මගේ අම්මා නැවතත් මේ ගෙදර මා තනි කර දමා රට ගියේය.  එහෙත් පෙර මෙන් තනිකමක් පාලුවක් මෙහි මට නැත.

තරුණයා සහ ගෙදර සැවොම මා හට නිතරම උදව් කලේය. තරුණයා ගැන මා  හට ඇත්තේ කිව නොහැකි තරම් භක්තියකි, කරුණාවකි, ආදරයකි. කිසිදාක ඔහු මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වුවේ නැත. වැරදි වැටහීමකින් හෝ වැරදි අදහසකින් මා දෙස බැලුවේ නැත. ඒ සහෝදරත්වය මගේ සිතෙන් කිසිදාක බොඳ වී නොයාවි.

තාත්තා ගැන සිහි වන විට ඇති වන්නේ කිව නොහැකි තරම් කළකීරිමකි. තාත්තා මතක් වන විට පෙර සිදු වීම් සිහියට නැගෙයි. එවිට ඇති වන්නේ බිය මුසු හැගීමකි. එවන් විට ජීවිතය ගැන කළකීරිමක් ඇති වෙයි. මෙවන් විට අමිහිරි අද්දැකීම් මෙලොව වෙසෙන ජීවත් වන කිසිම තරුණියකට අත් නොවේවා! සොඳුරු මිණිසුන් ජීවත් වන ලොකයක් මේ මිහිමත තිබේ නම් කොතරම් ලස්සන ලොවක් මේ මිහිමත මව් තුරුලේ ඇති වේද?

නිමි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...