Search

Saturday, March 2, 2013

සිත් අතර බොඳ සිතුවම්/කොටස 1



සිත් අතර බොඳ සිතුවම්



          එය එක්තරා සැදැ සමයක් විය. දවස හරියටම කියනාවා නම් 2012 පෙබරවාරි මස 8 වැනිදා හවසය. මා සුපුරුදු පරදි පෙස්බුක් එකට වෙලා කාලය ගත කරමින් සිටියෙමි. මා හට ප්‍රේරෙන්ඩ් රික්වෙස්ට් එකක් අවේය. මම ඒ ප්‍රේරෙන්ඩ් රික්වෙස්ට් එක කම්ප්‍රිම් කළෙමි. ඇය නමින් සමන්ති දසනායක විය. ටික වෙලාවකින් මා හට ඇගෙන් මැසෙජ් එකක් පේස්බුක් එකට ආවේය.

සමන්ති දසනායක : හායි!

මම : හායි!

මම ඇයත් සමඟ චැට් එකට වැටුනෙමි.

සමන්ති දසනායක : කොහොමද?

මම : හොඳයි.
          යූ?

කෙටියෙන් මැසෙජ් කෙළෙමි.

සමන්ති දසනායක : මම ඉන්නේ කුවෙට්. මගෙ පදිංචිය මෙහෙ.
                             ඔයාද ඔය පොටෝ එකේ ඉන්නේ.
මම : ඔව්.
          ඇයි?
          ඔයා පෙස් බුක් වලට අලුතෙන් වගේ.

සමන්ති දසනායක : ඔව්.
                             ඔයට පෙන්නේ මගෙ මොන පොටෝ එකද?
                             මම ලේඩි කෙනෙක්.

මම : ඕකේ.
          හඳුනා ගැනීම සතුටක්.

සමන්ති දසනායක : මටත්.

මම : මොකද කරන්නේ?

සමන්ති දසනායක : මම නම් සැලුන් එකක් කරනවා.
                             ඔයා මොනවද කරන්නේ.

මම : ඉගෙන ගන්නවා.

සමන්ති දසනායක : ලංකාවේ කොහෙද?

මම : පොල්ගහවෙල
          ඔයා පොඩි කාලේ ඉදලම ඔහේ ඉන්නේ.

සමන්ති දසනායක : මම ලංකාවේ නුවර
                             මම පොඩි කාලේ ඉදලම
                             අවු/10
                             මගේ අම්මලා තාත්තලා මෙහේ.

මම : ඕකේ.
          ඕකේ.
          මම ඔයාට උපදෙසක් දෙන්නද?

සමන්ති දසනායක : හා.
                             ගොඩක් හොඳයි.

මම : ඔයා නොදන්න යාලුවෝ විශ්වාස කරනවාද?

සමන්ති දසනායක : ඇයි මල්ලි එහෙම ඇහැව්වේ.

මම : පොඩ් දේකට
          මොකද්ද උත්තරේ.

සමන්ති දසනායක : නෑ මල්ලි මම කවදාවත්ම විශ්වාශ කරන්න
                             බැරි තැනක මම ඉන්නේ.

මම : ඒක හොඳයි.
          ඔයා මොන අවුරුද්දෙද උපන්නේ.

සමන්ති දසනායක : 84

මම : එතකොට මෙකේ ඇයි බොරු උපන්දිනයක්
          දලා තියෙන්නේ.

සමන්ති දසනායක : මම දන්නේ නෑ මල්ලි
                             මේක හදලා දුන්නේ මගෙ බොයි ප්‍රේර්න්ඩ්.
                             එයා මන් එක්ක අවු 9 ආදරෙන් හිටියා.
                             එයා තවත් කෙල්ලෙක් එක්ක
                             ඒ වගේම යාලු වෙලා ඉදලා.
                             ඒක මම ඉයේ රෑ දැන ගත්තේ.
                             මම ගොඩාක් දුකෙන් මල්ලි.
                             ඒක දැන ගත්තේ පේස්බුක් නිසයි.

මම : ඕක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
          ලොකේ ගොඩාක් අය අචංක නෑ.
          මම කාණගාටු වෙනවා ඒ ගැන.
          ඒත් කවදාවත් ඔය ගැන දුක් වෙන්න එපා.
          අනික මේ වගේ පුද්ගලික දේවල් ගැන
          නොදන්න යාලුවන්ට කියන්න එපා.

සමන්ති දසනායක : ඔයාට ගොඩාක් ස්තූතියි
                             ඔහොම කීවාට.

මම : අදත් දුකෙන්ද ඉන්නේ.

සමන්ති දසනායක : ඔව් මල්ලි.
                             ඉයේ රෑ මම දැන ගත්තේ.

මම : ඕකේ.

සමන්ති දසනායක : කියන්න බැරි තරම් දුකයි.

මම : ඒත් ඕක අමතක කරලා දාන්න.

සමන්ති දසනායක : ඒකයි මම යාලුවන් ගොඩාක්
                             ඇඩ් කලේ.
                             දවස ගෙවෙයි එතකොට.
මම : ඉතින් ඇයි ඔයා යාලුවෝ ගොඩක්
          ඇඩ් කර ගෙන බොරුවට දුකට
          හිතෙන් පලි ගන්නේ.
          ඉස්සෙල්ලම හිත සැහැල්ලු කර ගන්න.
          ටිකක් හිනාවෙලා හිතෙන්ම
          අහලා බලන්න ඇයි
ඔය ගැන දුක් වෙන්නේ ඇයි කියලා.
මන් දන්නවා වෙන් වීම ගොඩාක් දුකයි කියලා.
මට හිතෙන්නේ ඔයාට ඕන උනේ
යාලුවෝ පෙස් බුක් එකට ඇඩ් කරලා
එයාලා එක්ක චැට් කරරලා හෝ
ඔයාගෙ හිතේ ඇති උන
වේදනාව නිවා ගන්න නේද?
ඒත් හොඳින් මතක තියා ගන්න
නොදන්න අය එක්ක දුක කියන්න
යන්නේ කල්පනාවෙන්.
ඔයාට දැන් ඕන තනියෙන් හඬන
ඔයාගේ ඔය පුංචි හිතට
සැහැල්ලුවක් ලබා ගන්න.

සමන්ති දසනායක : අවු 9ක් එයා තමයි
මට හිටිය එකම කෙනා.
හැමදේටම
මන් දැන් අතර මන් උනා
තනි උනා

මම : ඔව්

සමන්ති දසනායක : ඒකයි යාලුවෙක් හොයා ගන්න
                             හිතාගෙන පෙස්බුක් ආවේ.

මම : ඒත් ඕක සෘණ අදහසක්.

සමන්ති දසනායක : මගෙ නරක ගති ගුණ නෑ මල්ලි.
                             ඔයා මට හොඳ යාලුවෙක් උනා.

මම : මානසිකව වැටෙන කොට අපිට
          හිතෙනවා අපි තනි වෙලා කියලා.
          ඒත් ඒක වැරදි අදහසක්.
          සෑම පරාජයකින්ම පරාජය
          විඳගෙන දිරයෙන් අදිෂ්ඨානයෙන්
          එහෙත් ජයග්‍රහණය කරා යන්න.

සමන්ති දසනායක : මම ආදරේ කලේ කොඩක්ම
                             හොඳ ගති ගුණ තියෙන කෙනෙක්ට
                             මට තවම හිතා ගන්න බෑ.
                             මට එහෙම කරන්න පුලුවන්
                             උනේ කොහොමද කියලා.
                             මට මල් පූජා කරන්න පවා
                             කියලා දුන්නේ එයයි.

මම : කෙනෙක් හොඳ කෙනෙක් වෙන්න
          පුලුවන් නමුත් ඒ අය
          ලඟ ආසාව තියෙන අය
          ඒක හංදා තමන් වැඩියෙන් කැමති
          දෙයක් වෙනුවෙන් වටිනා දෙයක්
          අතහරින්න එක පුදුමයක් නෙමෙයි.

සමන්ති දසනායක : මගේ අම්මත්නැති උනේ
                             මේ වගේ ආදරයක් නිසා තමයි.
                             අද මම ඉන්නේ කුඩම්මා ලඟ
                             ඒකයි මට ගොඩක්ම දුක

මම : මට ගොඩාක් කණගාටුයි ඔයා ගැන.
          ජීවිතය කියන්නේ පුදුම දෙයක්.
          අපිට පුලුවන් ජීවිතය අපට
          ලැබෙන විදිහට විදින්න විතරයි
          නැති වෙන දේවල් ගැන හඬන්න
          දුක් වෙන්න එපා
          ලැබෙන දේවල් ගැන සතුටු වෙන්න.
          ආසාවෙන් පිරුනු හැම තැනකම
          තියෙන්නේ මායම් විතරයි.
          දුක විතරයි.

සමන්ති දසනායක : මට හිතෙනවා ඔයා
                             කතා කරන විදිහට ඔයා මගේ
                             සමිතගේ යාලුවෙක්ද කියලා.
                             එයත් ඔය වගේම හොඳ දෙවල්
                             විතරයි නිතරම කිව්වේ.

මම : අපොයි නෑ.

සමන්ති දසනායක : සමා වෙන්න.
                             මට හිතෙන එකයි කිව්වේ.

මම : ඒකට කමක් නෑ.

අපි දෙන්නගේ චැට් එක එතනින් ඉවර උණා.  මමත් පෙස්බුක් එකේ තවත් ටික වෙලාවක් ඉදලා නිදා ගන්න යන්න ගියා. මේ විදිහටයි අපි දෙන්නගේ යාලු කම පටන් ගත්තේ.

මම ගොඩාක් සමන්ති දසනායක කීව කතාව ගැන කල්පනා කරා. ගොඩාක් මම දුක් උණා. ඒ ගැන මුලු හදවතින්ම ඇය ගැන කිව නොහැකි තරම් අනුකම්පාවක් මගේ හිතේ ඇති උණා. ඇත්තටම කීවොත් අවංකව ඇයට උදව් කරන්න ඇත් නම් මට සිතුණා.




              

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...