Search

Friday, March 1, 2013

සිත් අතර බොඳ සිතුවම්

       ආදරය, විරහව, වේදනාව, දුක සතුට, මානව දායාව, සහොදරත්වය, සැබැ අදාරය මුසු වූ සත්‍යය සිදු වීමක් ඇසුරෙන් දිග හැරෙන   “සිත් අතර බොඳ සිතුවම්”  නව කතාව ඔයාල වෙත දිග හරිමි. ආදරය කරන අයට, පෙස්බුක් එකේ සැරි සරන අයට, ඔබට සැමට කියවිය හැකි කිසිදා මේ මිහිමත මේ වගේ ආදර කතාවක් තිබ්බද කියලවත් සිතා ගන්න අමාරු කතාවක්. 

        ඉවසීම, මානව දායව, උපරිමයට ලඟා වූ තරුණයෙක්. දුක් දොම්නස් මැදින් ජීවිතය අතර මන් වූ තරුණියක්. කිව නොහැකි තරම් හදවත් කම්පා වන කතාවක්. කිසිම නවකතා කරුවකු අතින් මෙවැනි නව කතාවක් කිසිදා ලියවී නැතුවට සැක නැත.  ඔබටත් මටත් සිතා ගත නොහැකි සිදු වීම් පෙලක් ඔබ හමුවට දිග හරිමි. නෙතඟ කඳුලු වැල් වලට අරුතක් කියා දුන්න ආදරයක්.

           ජීවිතය එපා වූ තරුණියකට ජීවත් වෙන්න කියා දුන්න තරුණයෙක්. කිසාද නොදැකපු පෙම් යුවලක්. සදා ආදරය සිතු පුරා පුරවා අහිංසකාවයකට සරණක් වූ තරුණයෙක්. කිසිදා තරහා නොවන සිතක්. නහඬ හදවතක්. සැමගෙ නෙත් හඬවන කඳුලු කතාවක්.

          සකල විද ලෝක වාසි ඔබ සැමට දැන ගැනීම පිණිස මෙසේ ලියමි. ජීවිතය සොයා යන සමණලුන්ට සමණලියන්ට ආදරය කියා දෙන නව කතාවක් “සිත් අතර බොඳ සිතුවම්”  ලියමි ආදරණීය ඔබ වෙනුවෙන්. නම් නොකීවත් මේ කතාව සඳහා සහයෝගය දක්වන සැමට හද පිරි තුති පුදමි.

           ආදරය කරන්න ඉගෙන ගන්න. කිසාද කාටවත් වෛර නොකරන්න. සැබැ ආදරය හඳුනා ගන්න. මුලු හදවතින්ම ආදරේ කරන්න. දායාව කාරුණාව දක්වන්න. නිහතමානී වන්න. උදව්වක් කර පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවන්න. අහිංසක ජීවිත වලට ආලෝකයක් වෙන්න. ලස්සන හදවත් වලින් පිරුනු ලස්සන ලොකයක් ගොඩ නඟන්න එකතු වෙන්න.

             ආදරය කරන ඔබ සැම වෙනුවෙන් මෙතැන් සිට “සිත් අතර බොඳ සිතුවම්” නවකතාව දිග හරිමි.




කතෘ : ප්‍රදීප් මදුෂාන්
           PPM

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...