Search

Showing posts with label සඳස් සටහන්. Show all posts
Showing posts with label සඳස් සටහන්. Show all posts

Sunday, April 14, 2013

විලක පිපෙන දහසක් මල් අතර


විල  ක  පිපෙ  න     දහසක්    මල්           අතර
සිත  ක  ඇදෙ  න    පියුමක්    තව           කවර
හද   ක  බැඳු   න    රහසක්     මල          බිනර
මල  ක  හම   න     සුවඳක්   මගෙ       සොඳුර

PPM

Thursday, December 6, 2012

හමන සිසිල් නල


හමන සිසිල් න                          ල
ගතට දෙයි සිසි                          ල
නිවුන හද මඬ                            ල
ලොව සැමට බෙදයි මෙත් සිසි    ල

මත්වල ගී විරිත

Wednesday, November 28, 2012

ඈතට පාව යන


ඈතට පාව ය                     න
නැව ලෙස සුළඟට කැඩු     න
ජීවන නැව බිඳ නොගෙ      න
නිවැරදි මගක යනු මැ        න

යහ ගී විරිත

Tuesday, October 16, 2012

දෙසයි බණ පද නිතර


දෙස  යි බණ පද නිත             ර
අස    යි බණ සැම නිත           ර
කිමැ  යි ලොව ගන අඳු           ර
ගෙව යි දුක් බර සස                ර

බැඳ තැබිය නොහැකි සිත ගිය ඇය ලඟටම


බැඳ තැබිය නොහැකි සිත ගිය ඇය                ලඟටම
ආලය නැමැති හදත් කිති කවන                      හැඟුම
චංචල සිතුවිලි නන් වන සිත                          නිතරම
සිහි මඳ මිණිසෙක් මෙන් වී ඇත අද                     මම 

සමුද්‍ර ඝෝෂ විරිත

Friday, August 10, 2012

සිනහ සිත රවටන


සිනහ සිත රවට                            න
රුව සැමගෙ නෙත පිනව               න
බැල්මෙන් හද වසී ව                     න
සුරඟනක් ඇය සැම පිනව              න

දුවඟ ගී විරිත

මව් සෙනෙහස අහිමි වෙමින්


මව් සෙනෙහස අහිමි වෙ                    මින්
ළමා නිවසේ තනි ක                        මෙන්
ලොව නොපෙනෙ නෙත අඳ ක        මෙන්
දුකට අඬයි දුක සිත                            මින්

Friday, August 3, 2012

තද හිරු රැස් අපෙ ගත ලොව හැම වෙහෙසන


තද හිරු රැස් අපෙ ගත ලොව හැම         වෙහෙසන
සැම තැන නිල් තණ පත් සැම වියලි         ගොසිණ
දිය බිඳු අඩු විය මිහි කතගෙ ඉරි                  තැලුන
අප කල පව කිමෙදැයි වැසිත්          නොවැටෙන්න

Wednesday, August 1, 2012

සිත පුරා දුව යනෙන


සිත පුරා දුව                    යනෙන
සිතුවිලි සැම                   පැටලුන
මසිත නිතර වද                   දෙන
පැන කිමෙද මම             සොයන

Saturday, July 28, 2012

ඇයිද නිහඬව ඔබ


ඇයිද නිහඬව ඔබ
කියන්න සොඳුරිය මට
නොහිදිනු නිහඬව තව
මගෙ හද ඉකිබිඳිනු ඇත


කවි ගී විරිත

Tuesday, July 24, 2012

සුසී


සුදු       මලකින්  හිස සැර    සී
රතු     ගවුමෙන්  වතද වැ     සී
සිනහ පොදෙන්  මුව සැර     සී
අඩි      කඩමින්  ගමන සු     සී

උප ජාති නම් විරිත

Sunday, July 22, 2012

හදක වේදනාව


හදක වේදනා                      ව
ලියනට බැඳ බැඳ ක             ව
තිබුණි නම් මට හැකි            ව
ලියමි දුක බැඳ බැඳ ක          ව

කවි ගී විරිත

Friday, July 20, 2012

ගැහැණු හද


හැමගෙ හද සනසන
සිනහව ලොවට බෙදන
දරු සෙනෙහස පුරවන
ගැහැණිය වෙයි සුර අඟන

Thursday, July 19, 2012

අකලට වයස ගිය අම්මා


නොනිමෙන සසර කතර තුල යන            ගමනේ
මෙලොව එළිය දකින්න මට අත             දුන්නේ
සැම හට වැඩිය අපට සෙනෙහෙ             දුන්නේ
තෙලොව උතුම් මැණිකකි ගෙදර බු         දුන්නේ

සිය හිමි අහිමිව ගියෙ අප කුඩා ක                 ලය
දරුවන් සමඟය ඇය අසරණ එක                 ලය
කුස ගිනි නිවනට මඟ නැති ඇය සස             ලය
කරනට වෙන මඟ නැති ඇය හද නිස            ලය

පහල ගල් වලේ වැඩ කරනට ඇය               යන
කුස ගිනි නිවා ගන්න දහඩියද හෙ                ලන
අත කර ගැට පිරිලා නැත සැප හැම              දින
ඇඟ පත පුරා දැනෙන දුක හැම ඉව              සන

සැම දින වැඩ ඇත ඇය නිතරම              වැඩවල
අප කුස ගිනි නිවනට ඇය බර                වැඩවල
රැක ගන්නට දරුවෝ  දුක්බර                 වැඩවල
නිමක් නැත ඇයට නැත නිදහස              වැඩවල

වයසට වැඩිය වයස ගිය ඇය අ                 කලට
සතුටට වැඩිය දුකය උරුම උනු                ඇයට
කඳුලට වැඩිය කඳුලු ඇගේ නෙත              අගට
පමණට වැඩිය වැඩය කල ඇය කු             ලියට

දහසක් මව් පිය ලඟ ඇය අති උතු                ම්ය
සිටියත් මව් වරු තව මෙහි ඇති තර             ම්ය
කිසිවෙක් මව් වරු නොව මට ඇය උතු        ම්ය
දහසක් මව් වරු ලඟ මිණි කැට තර             ම්ය 

වැටෙනා දිය දහර


වැටෙනා දිය දහර
පෙන කැටි නංවා ගලන
මට උරුම අපෙ පෙම් ලොව
දිය බිඳ වගෙ විසිර යයි පෙම

(දුවඟ ගී විරිත)

Wednesday, July 18, 2012

තණ පත් අග රැඳෙන


තණ පත් අග රැඳෙ        න
පිනි රන් පැහැය කර      න
කඳු අතරින් එබෙ          න
හිරු රැස අඳුර නස         න

(උමතු ගී විරිත)
Related Posts Plugin for WordPress, Blogger...