Search

Thursday, February 21, 2013

සිහිනයක් නම් ඒත් ඇත්තක්/කොටස 1


      ආදරය විරහව වේදනාව මුසු වූ සත්‍යය සිදු වීමක් ඇසුරෙන් මෙම “සිහිනයක් නම් ඒත් ඇත්තක් නම්  කෙටි කතාව නිර්මාණය කර ඇත. මේ සිදු වීම සිදු වූයේ පොල්ගහවෙල කු/ පාරාක්‍රමබාහු ජාතික පාසලේ සිසුවියක් හා සිසුවෙක් අතරය. ඉතාමත් දුරුලභ සිදු වීමක් ඇසුරෙන් නිර්මාණය කර ඇත් මේ කතාව කියවා රස විදින්න.

මෙහි එන නම් ගම් මනකල්පිතය

කතෘ : ප්‍රදීප් මදුෂාන්
PPM

සිහිනයක් නම් ඒත් ඇත්තක්

හදවත සිසාරා ඇදෙන සිතුවිලි සමුදායකින් අප වෙලා ඇත. කතා කරන්නට ලියා තබන්නට බොහෝ දේ අපට ඉතිරිව ඇත. කාලයත් සමඟ සමහර දෙවල් අපට ඉතිරි කරන්නේ මතකයන් පමණි. අප නොසිතන දේවල් අප නොසිතන වෙලේ සිදු වෙයි. සමහර දෙවල් වල සුන්දරත්වය ගැබ්ව තිබුණද තවත් විටෙක ඇත්තේ සෝ සුසුම් පමණි.

හදවතක් පුරා අවුස්සමින් ලියා තබන්නට කොතේකුත් දේ තිබේද? ඔබටත් මටත් කියන්න දේවල් බොහෝ තිබේද? අපි කුවුරුත් සමහර දේවල් සිත තුල හංගාගෙන දුක් වන්නේමු. විටෙන සුතුටු වෙන්නෙමු. සිනා සී ලොව ලොව දෙස බලන්න ඇත්නම් කොතරම් හොඳද? සෑම දෙයක්ම පටන් ගෙන ඉවර වී නැතිව යයි. ඒ ඉවර වීමත් සමඟ තවත් දෙයක් යලි උපදි.

ජීවිතයේ සමහර තැන් වල සුන්දර දේවල් ඇත. නව යොවුන් වියත් සමඟ අප පැමිනෙන්නේ එක්තරා සුන්දර ලෝකයකටය. අපි ඒ දෙවල් සමඟ අත් වැල් බැඳගෙන යන්නේමු. අපට සිතෙන අපට දැනෙන සුන්දර දේවල් මේ අවදියෙදි අප කරා ඈදි එයි. ළමා ලොකයෙන් වෙනස් ලෝකයක ඔබ අප සැම යොවුන් වියත් සමඟ සැරිසරන්නේමු. නොහුරු නොපුරුදු දේවල් සමඟ අපි ගැටෙන්නේ ඉතා ආසාවෙනි. ජීවිතයේ කවදාවත් නොලබපු දේවල් සොයා යන්නේ නියැතෙනි.

සෑම ලෙසින්ම සෑම දෙයක් ගැනම හොඳ අවබොදයක් තිබේ නම් එය වටින්නේය. එහෙත් සමහර දේවල් වලට අපි වහල් වී වැඩ කරන්නේමු. සමහර විට අපි හඬා වැටෙන්නේමු. නමුත් ලැබෙන දෙයක් සතුටින් විදිය හැකි නම් කොතරම් අඟනා වන්නේද?

මා හට මගේ ජීවිතයේ එක්තරා සිදු වීමක් මතකයට නැගේ. එය විටෙක සිතට නැගි විටෙක නැතිව යයි. එහෙත් ඒ සිදු වීම තුල මා ජීවිතය ගොඩක් වෙනසකට පත් කර ඇත් දැයි සිතේ. එනමුත් සමහර දෙවල් අපි උපෙක්ඛාවෙන් බාර ගත යුතුය.

මගේ මතකය අතීතයට ගෙන යනවා නම් එය 2006 වර්ෂයේ එක්තරා දිනයක් විය. මේ කාලයේ පන්තිවල ලමයින් ක්‍රිඩා වලට පුහුණු වන කාලය විය. මේ මා කියන සිදු සිදු වීම පටන් ගත්තේ ඒ කාලයේදිය.

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...