Search

Showing posts with label සඳැස් සටහන්. Show all posts
Showing posts with label සඳැස් සටහන්. Show all posts

Sunday, April 14, 2013

නැගෙන හිරු එළිය ලොවට යහපත කරන


නැගෙන   හිරු එළිය ලොවට යහපත      කරන
හම    න   සුළඟ හැම සතුන් හට පන   පොවන
වව     න   බව බෝග රැකි රක්ෂාද       රැකෙන
වෙන් න   ඔබට නව වසරක් ඉසුරු        පිරෙන

PPM

Wednesday, July 11, 2012

හිනැහෙන හිරු අතර


හිනැහෙන හිරු අත          ර
දිලෙන පිනි බිඳු කව         ර
මවයි රුව සුන්ද               ර
ඇයයි මට හිමි සොඳු        ර

තුරුණු විය මට හිමි


තුරුණු විය මට හි           මි
නමුදු වැඩ කරුවෙක්       මි
දිලිඳු කම අපට හි           මි
කුලී වැඩට වයස ය         මි


(කවි ගී විරිත)

අසරණ බව දැනෙනා මම අසරණ අද


අසරණ බව දැනෙනා මම අසරණ             අද
සරණ සොයා ආවේ ඔබ ලඟටය                අද
බල්ලෙකු ලෙස සැලකුවෙ මට මේ ඇයි    අද
පෙර දින ඔබ රැකගත් මට මෙය උරු        මද

Tuesday, March 13, 2012

මද සුලඟින් පවන් පිරී


මද   සුලඟින්   පවන්                           පිරී
හද  හැගුමන්   වලින්                          පිරී
හිමි දිරියෙන්   බිඟුන්                          පිරී
සිත  සතුටින්    තවත්                          පිරී

Monday, February 13, 2012

හද හඬමින් ඇය තනි වී

හද     හඬමින් ඇය තනි  වී
මම තනියෙන් දුරකට     වී
කුල  මලකන් පෙරටම   වී
අප    හඬමින් දෙතැනක වී

Sunday, February 12, 2012

වත කමනී ඇය කමනී


වත    කමනී ඇය කමනී
ඇස   ගැටිනී  ම හද දැනී
පෙම  දැනිනී  සිත ඇදිනී
හද පෙමෙනී  රන් රුවනී


Friday, February 10, 2012

බත් පතක් බෙදා ඈ මමත් එදා/සඳැස් සටහන්

බත් පතක් බෙදා ඈ මමත්        එදා
සිත් පුරා කමින් ආදරෙන්         එදා
එත් නැනේ මගේ ඈ පැලෙත්  මෙදා
ගත් බතුත් අනා මා කමින්      මෙදා
Related Posts Plugin for WordPress, Blogger...