Search

Tuesday, February 26, 2013

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 2





අපේ පංතියට එදා දවසේ හිස් කාල පරිඡ්ඡේදයක් විය. මමත් තවත් යහලුවන් කිහිප දෙනෙක් පිට්ටනියට ගියෙමි. පංතියේ ගුරුවරු නැති වන විට පිට්ටනියකට යාමට අපේ පංතියේ ලමයි පුරුදුව සිටි. අපේ පංතියට ටිකක් ආසන්නව පිට්ටනිය පිහිටා ඇත. පිට්ටනිය අයිනේ අපේ පංතිය පැත්තට වෙන්න උණ පඳුරක් තිබෙයි. ඒ උණ පඳුර අසල අපේ පංතියේ කොල්ලෝ නිතරම කතා කර කර කාලය ගෙවන්න පුරුදුව සිටියෝය.

මමත්අනෙක් යහලුවන් කිහිපදෙනෙක් මා පෙර කී උණ පඳුර අසලට ආවෙමු. ඒ අසල බිම පිට්ටනියේ පුංචි නංගිලා දෙන්නෙක් ඉදගෙන සිටියේය.

“ඩිලාන් අර කෙල්ල හොඳයි නේද?” මම එතන සිටි සුදු උස ටිකක් අඩු ටිකක් කෙට්ටු පුංචි නංගි පෙන්වා කීවෙමි. “ටොක් කරපන් බන් කෙල්ලට”

මම අපේ පංතියේ මිටිම කොල්ලා වන ඩිලාන්ට එම පුංචි නංගියාව පෙන්වා කීවේ ඔහුත් උස නැති නිසාය. එහෙත් සිදු වුයේ වෙන දෙයකි.

“නංගි මේ ප්‍රගීත් අයියා කතා කරනවා.” මටත් උණේ මාර වැඩේ. මිනිහාට කීව කෙල්ලට.  මු කතාව මාගෙ පැත්තට හැරෙව්වේ නැද්ද? කොහොම හරි වැඩේ මගෙ පිටට වැටුනේ.

අනෙක් අයත් මගෙ නම කිය කියා ඒ පුංචි නංගියාට එක එක දෙවල් කීවේය. ඒ නංගිත් අනෙක් නංගිලාත් එයාලා සිටි තැනින් ඉවත් වෙලා ක්‍රිඩාගාරය දෙසට ගියෝය. කෙසේ වෙතත් අපිට ක්‍රිඩාගාරය දෙසට නිකමට ගියෙමු. එහෙත් අපි කවුරුවත් ඒ පුංචි නංගිලා පස්සේ නොගියෙමු. නමුත් සිදු වූයේ ඊට සමාන දෙයකි.

අපි ක්‍රිඩාගාරය ගිය පසු ඒ නංගිලා ටික අපේ කට්ටිය මන් ගැන කිය කියා එක එක දෙවල් කියන්න උන නිසා එයාලා කිඩාගාරයෙන් ඉවත් වෙලා පිට්ටනියට ගියෝය. නංගිලා පිට්ටනිය වෙලා එයාලා ගෙනා බත් මුල් ලෙහාගෙන කන්න පටන් ගත්තා. අපේ කට්ටියගෙ කට නම් අඩු උනේ නෑ.

“නංගි මේ ප්‍රගීත් අයියා බත් කන්න එන්නද කියලා අහනවා.” ඩිලාන් කීවේය.

“අනේ පලයන් බං යන්න.” මම කිවේමි. “බොරු නොකියලා.”

මගෙ යාලුවෝ කට්ටිය ඒ නංගිලාට ඉන්න දුන්නේම නෑ. මගෙ නම කිය කියා එක දෙවල් කියන්න වුනා. අනේ මන්දා මොනවා කරන්නද? මම කට වහගෙන අහගෙන හිටියා. 

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...