එහෙත් එදා මගෙ හිතේ ඒ පුංචි නංගි
ගැන කිසිම හැගීමක් ඇති උනේ නෑ. ඒ වගේම මගෙ හිතේ තිබ්බේ ඩිලාන් කියන යාලුවා අර පංචි
කෙල්ලට ටොක් කරනවා දකින්න. මොන දේ වුනත් සිදු වූයේ සියල්ලම අනේක් පැත්ත පෙරලීමය.
ඒ සුදු නංගියා දකින හැම පාරකම අපේ
පංතියේ කොල්ලෝ මගෙ නම ඇයට ඇහෙන්න කියන්න පුරුදුව සිටියේය. පංතියේ පංතියේ සියලු
දෙනාම මගෙ නම කියා කියා ඒ නංගියාව දකින හැම වෙලාවකම මාව බයිට් කරන්න විය.
ඒ පුංචි නංගියා පාසලේ නෙට් බොල්
ටීම් එකේ සෙල්ළම් කළාය. පිට පාසල් එක්ක නෙට් බොල් තරඟයක් එක දවකස අපේ පාසලේ
පැවැතුවේය. මේ තරඟ අතර අර පුංචි නංගියාගෙ
නෙට් බොල් ටීම් එක්ක වෙන පාසලක් සමඟ තරඟයක් කරන්න විය. අපෙ පංතියේ කට්ටියද අහබෙන්
වගෙ එතෙන තරඟය නරබන්න සේට් විය.
“ප්‍රගීත් ගේ කෑලත් සෙල්ලම්
කරන්නේ” එක යාලුවෙක් කීවේය.
“හොඳට බෝල අල්ලන පුලුවන්නේ ප්‍රගීත්ගෙ
කෑල්ලට” තවත් කෙනෙක් කීවේය.
“නංගි කමොන්” සංක කීවේය.
ඔයා කීවාට මොකද අපේ කොල්ලෝ
අත්පුඩි ගසලා කෑ ගහලා නංගිලාට ලොකු සහයෝගයක් දුන්නේය. ඒ උනාට මට නම් වස ලැජ්ජාව. කොල්ලෝ
මගෙ නම කියලා කෑගහනවානේ. ගොඩාක් කට්ටිය පිරිලා තරඟය බලන්න. මොනවා කරන්නද මමත් සද්ද
නැතිව හිටියා. එසේ එක එක දෙවල් කියලා එදා මාව බයිට් එකට ගත්තේය. ඔහුන් මගෙ නම පට
බැඳ ඒ නංගිවට එක එක දේවල් කීවද මගේ හිතේ කිසිම හැඟිමක් ඇය ගැන ඇති වෙලා තිබ්බේ නෑ.
No comments:
Post a Comment