නොනිමෙන සසර කතර තුල යන ගමනේ
මෙලොව එළිය දකින්න මට අත දුන්නේ
සැම හට වැඩිය අපට සෙනෙහෙ දුන්නේ
තෙලොව උතුම් මැණිකකි ගෙදර බු දුන්නේ
සිය හිමි අහිමිව ගියෙ අප කුඩා ක ලය
දරුවන් සමඟය ඇය අසරණ එක ලය
කුස ගිනි නිවනට මඟ නැති ඇය සස ලය
කරනට වෙන මඟ නැති ඇය හද නිස ලය
පහල ගල් වලේ වැඩ කරනට ඇය යන
කුස ගිනි නිවා ගන්න දහඩියද හෙ ලන
අත කර ගැට පිරිලා නැත සැප හැම දින
ඇඟ පත පුරා දැනෙන දුක හැම ඉව සන
සැම දින වැඩ ඇත ඇය නිතරම වැඩවල
අප කුස ගිනි නිවනට ඇය බර වැඩවල
රැක ගන්නට දරුවෝ දුක්බර වැඩවල
නිමක් නැත ඇයට නැත නිදහස වැඩවල
වයසට වැඩිය වයස ගිය ඇය අ කලට
සතුටට වැඩිය දුකය උරුම උනු ඇයට
කඳුලට වැඩිය කඳුලු ඇගේ නෙත අගට
පමණට වැඩිය වැඩය කල ඇය කු ලියට
දහසක් මව් පිය ලඟ ඇය අති උතු ම්ය
සිටියත් මව් වරු තව මෙහි ඇති තර ම්ය
කිසිවෙක් මව් වරු නොව මට ඇය උතු ම්ය
දහසක් මව් වරු ලඟ මිණි කැට තර ම්ය
No comments:
Post a Comment