Search

Thursday, February 28, 2013

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 5





කාලය කෙමෙන් කෙමෙන් ගෙවි ගියේය. සිතද කෙමෙන් කෙමෙන් වෙනස් විය. එහෙත් එක් දිනක මට මෙසේ සිතුනි. මට ඒ වන විටත් ඇයගෙ සිත තුල මා ගැන යම් අදහසක් ඇති බව යන්තම් මා හට වැටහී තිබුණේය. මා නොකල එකම දේ ඇයට සිතින් ආදරේ කිරීමය.

මම නිකමට මෙන් ඇය යාලු කර ගන්න ඕන කියලා මට සිතුනි. මම දන්නේ නෑ ඇයි එක පාරටම මට මෙහෙම සිතුනේ ඇයි කියලා. ඒ කාලය වන විට මා කිසිම කෙල්ලෙක් සමඟ යාලු වී නොසිටියෙමි. මා ඇසුරු කල යාලුවන් කෙල්ලන් එක්ක යාලු වන විටද මට එවැනි අදහසක් සිතේ තුබුණේ නැත.

කෙසේ වෙතත් මට ඇය යාලු කර ගන්න ඕන කියන අදහස තිබුණේය. එහෙත් එය කරන්නේ කොහොමද කියලා මට අදහසක් තිබුණේ නැත. ඒ කාලයයේ මම නිශාන්ත කියන බයෝ ක්ලාස් එකේ යාලුවෙක් එක්ක ටිකක් හොඳ සම්බන්දයක් තිබුණේය. ඔහු නම් කෙල්ලන් යාලු කර ගන්න හොඳ හැකියාවක් තිබුණ කෙනෙක් විය. ඒ කාලයේ එක කෙල්ලෙක් එක්ක යාලු වෙලා සිටියද ඔහු තවත් කෙල්ලෙක්ට ලයින් එකක් දමමින් සිටියේය.

පන්තියේ යාලුවන් සමඟ ලගින් ඇසුරු නොකළ නිසා ඔහුන්ට මේ ගැන කීමට මම මැලි විමි. ඔහුන් සමඟ ලඟ සම්බන්ධකම් තිබුනේ නැත්තේද මම වෙන පාසලක සිට මේ ඉස්කොලෙට උසස් පෙල කරන්න ආව නිසාය. ඒ වගේම ඒ කාලයේ මමද සමාජයත් එක්ක එච්චර හොඳ සම්බන්දතාවක් තිබුනේ නැත.

කොහොම හරි මම නිශාන්තට කෙල්ලක් ඉන්නවා ටිකක් ලයින් එකක් දාලා බලන්න ඕන කියලා කීවෙමි. ඒ කෙල්ල පස්සෙන් යන් කියලා මන් ඔහුට කීවා. නිශාන්තත් ඒකට කැමති උණාට එතරම් ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැත.

කොහොම කොහොම හරි අපි දෙන්නා දවසක මං කියපු ඒ පංචි සුදු නංගියාව පස්සෙන් ගියා. ඉස්කොලේ ඇරිලා අපි ගියේ මුස්ලිම් ගෙවල් අස්සෙන් ඉස්කෝලෙට යන්නතියෙන පාරේ. ඒ පාර වැටෙන්නේ පොල්ගහවෙල පරණ ටවුමේ බෝ ගහ යටටය.

අර නංගියා යන්නෙත් ඒ පාර දිගේ. ඒ පාර දිගේ ඉස්කොලේ ඇරිලා එදා මමයි නිශාන්තයි පුංචි නංගියාව පස්සෙන් ගියා. මොන හේතුවක්ද දන්නේ නෑ ඒදා වහින දවසක්. අපි දෙන්න ලඟ කුඩයක් තිබ්බේ නෑ. අර නංගියාවයි යුලුවන්වයි ඉස්සරහයින් යනවා. අපි දෙන්නා මද වැස්සේ තෙමි තෙමි පස්සෙන් යනවා.

“ස්ස් ස්ස් නිශාන්ත අර නංගිවාට ඇසෙන ලෙස කටින් ශබ්ධ කළේය. මිණිහාට කොහොමත් කෙල්ලන්ට කතා කරන්න හොඳ හැකියාවක් තියෙනවා. ඇය ඇඔරි හැරි බැලුවාය.

“නංගි ප්‍රගීත් අයියා කතා කරනවා. නිශාන්ත එකපාරටම කීවේය.

“කට වහාගෙන හිටපන් බං මම කීවෙමි.

“නංගි ප්‍රගීත් අයියා තෙමෙනවා. කුඩේ දෙනවද? ඇයගෙන් නිශාන්ත කුඩේ ඉල්ලුවේය. “ප්‍රගිත් අයියා කුඩේ ඉල්ලනවා නංගි

පුංචි නංගියාව මදක් නැනතුනේය. මම ඒ වන විටත් අඩි තිහක් විතර පසු පසින් සිටියේ. නිශාන්ත සිටියේ ඇයට මදක් කිට්ටුවය. ඇගේ යාලුවන් අපි දෙහා බලලා සිනාසුණෝය. ඇය තප්පර කිහිපයක් අපි දෙහා බලා සිටියේය. ඇගේ මුහුනේ අපි දෙන්නා තෙමෙන එක ගැන දුකක් ඇති වූ සේයාවක් පෙනෙන්න විය. පසුව ඇය ඇගේ කුඩුය අපි දෙහාට දික් කලාය.

“කුඩේ ගනින් ප්‍රගීත් නිශාන්ත මට කීවේය.

මම ලැජ්ජාවෙන් බිම බලා ගත්තේමි. “ උබ අරන් වරෙන්කෝ කුඩේ.” නිශාන්ත ගිහින් කුඩය අරන් ආවේය.

පසුව අපි  ඇය පස්සෙන් කුඩෙත් ඉහලගෙන ගියෙමු. ඇය මට දුන්නේ ඇගෙම කුඩයය. ඇය යාලුවෙක්ගේ කුඩය යට ගියාය. නමුත් පාරේ ඉස්සරහට යන විට පාසල් ලමුන් ගොඩාක් පාරේ ගමන් කලහ. මමයි නිශාන්තයි මදක් පසු විය.  එබැවින් අපිට ඇය මග හැරුනේය. ඇය අපිට ඉස්සෙල්ලා ගියාය.

පුංචි නංගියාව අපි පොල්ගහවෙල බෝ ගහ යටට යන විට ඇය එතන සිටගෙන සිටියේය. දැන් වැස්ස ඉවරය.

“මචං මේ කුඩේ දියන්” මම නිශාන්තට කීවෙමි.

“ උබ ගිහින් දියන්”

මිනිහා මටම කුඩේ ගිහින් දෙන්න කියනවා. මටත් කර ගන්න දෙයක් නෑ. මොක්ද වගේ. මොනවා කරන්නද මං ගිහින් ඇයට කුඩේ දිලා අපි ස්ටෑන්ඩ් එකට ගියෙමු.

මගෙ සිතටත් ටිකක් දැන් හොඳයි වැඩේ එච්චර අමාරු නැති ගානයි. මටත් ඉතින් ටිකක් හැපි. දැන් දැන් නම් මගේ සිත තුලත් ඇය ගැන අදහස් ඇති වෙමින් තුබුණේය. මටත් නොදැනිම සිත ඇය වෙත යන බව මේ සිදුවීමක් සමඟ මට දැනුනි. නිකමට වගෙ ඇය පස්සෙන් ගිය මගෙ සිතත් දැන් දැන් ඇය සොයනවා කියා මට සිතේ. 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...