Search

Wednesday, April 10, 2013

සිහිනයක් නම් ඒත් ඇත්ත/කොටස 6



පසුවදාද පාසල් ඇරි අපි දෙන්නා ඇය පස්සෙන් ගියෙමු. එදා වැසි දවසක් උනාට ඒ වෙලාවේ වැස්ස තිබ්බේ නැත. එදා ඇය නම් හිතා මතාම පසල් ඇරි සෙමෙන් සෙමෙන් ගියාය.  පාරේ අපි දෙගොල්ලයි තව ළමයි කිහිප දෙනෙක් හැරෙන්න අනෙක් ලමයි ගිහින්ය.

මට නම් හිතෙන්නේ ඇය යන එක ප්‍රමාද කරන්න ඇත්තේ අපි ඇය එක්ක කතා කරයි කියලා වෙන්න ඇති. ඇයද ඇඹරෙමෙන් ඉද හිට අපි දෙස හැරි බලයි. කොහොම කොහොම හරි බෝ බෝ ගහ යටට එන කොට වැස්ස වහින්න විය.

අපි පොල්ගහවෙල පරණ ටවුමේ බෝ ගහ යටට යන විට පුංචි නංගයා එතන විය. අපි ඇය පසු පස ගියත් වෙන වෙන විකාර වැඩ වලට නිශාන්ත හවුල් වන නිසා අපිට ඇය සමඟම යාමට බැරි විය. නිශාන් නම් මාර පොරක් මූ අදත් ඇගෙ ඉල්ලා ගත්තේය. කිසිදු පැකිලීමත් නොමැතිව ඇට අපිට කුඩය දුන්නාය. මම වැස්සට තෙමෙනවා දැකලා ඇයට දුක හිතෙන්න ඇති නේද?

එදා නම් මට මාර හැපි ඇත්තටම කීවොත් කියන්න බැරි තරම් සතුටක් මගේ හිතේ තිබුණා. මං ගෙදර ගියේ ඒ සතුටක් එක්කයි. කියන්නත් බැරි ලෙස සියල්ල මට ඕනෑ විදිහට සිදු විය. දැන් නම් කිසිම සැකයක් නෑ ඇය මට කැමති කියන එක ගැන. නැත් නම් මේ වගෙ මා හට කුඩේ දෙයිද?

ගෙදර ගිය මම පුංචි සුදු නංගියා දුන්න කුඩය වේලෙන්න කුඩේ තැබුවෙමි. කූඩය වේලුනු පසු මම කුඩය ලස්සනට නැමුවෙමි. ඇත්තට කීවොත් ගොඩාක් වෙලා ගියා කුඩය අකුලන්න. නොකිවාට මොකද මම ඒ කුඩය කිහිප වරක් මුහුණට තුරුලු කර ගත්තේමි. එදා රෑ පුරා ඇය ගැන මතකයන් අවදි කමින් මම නිදා ගත්තෙමි.  

පසුදා පාසල් ඇරි යන විට මම ඇයට කුඩය දුන්නෙමි. ඇත්තටම ඇය ලඟ ලොකු සතුටක් තියෙන්න ඇති කියලා ඇගෙ ඇස් දෙකෙන් පෙනුනි.. මා ලඟත් එවැනිම සතුටක් තිබුණි. එහෙත් අපි අතර කිසිම කතාවක් නැත. ඇයට කුඩය දෙන අතරද මම ඇයට කතා නොකළෙමි. ඇයත් මමත් ලැජ්ජාවෙන් එකිනෙකා දෙහා බලා ගත්තා පමණි.

මතු සම්බන්දයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...