Search

Monday, January 9, 2012

සැබැ හිමිකරු/Sabe Himikaru/කෙටි කතා/short story

සැබැ හිමිකරු
       හිරු බැස යන සැන්දැව රමණිය චමත්කාර ජනකය. ලා හිරු රැස් මිහිතලය මත පතිත වී සිප ගනි. තුරුලතාවෝ  රන්වන් පාටින් අලෙප වී ගොසිනි. අහස් කුසේ වලාවන් රන්වන් පැහැ ගැන් වී රටා මවයි. සියතුන් කැදලි කරා පියබා යයි. සිසිල් සුලන් රැල් ගලා යයි. මද නල සිතට ඉමිහිරි සිසිලක් ගෙන දෙයි. නැවුන් සිතුවිලි වලින් සිත පුරා ලන හැන්දැවකි.

සුදු පැහැ කාරයක් පැමිණ නිවස අසල නැවතිනි. සැදැ යාමේ පහස විදිමින් සිටි රාජු පියවි සිහිය කරා ආවේය. ඔහු වහාම කාරය අසලට ගියේය. එම රථයේ පැමිණ සිටියේ මිත්‍ර දිනුක විය. රාජු වහා ගෙට්ටුව ඇරියේය. කාර් රිය ගෙට්ටුවෙන් ඇතුලට ඇවිත් මිදුලේ නතර කළේය. කාරයෙන් එළියට පැන්න දිනුක තම මිතුරා වැළඳ ගත්තේය. ඔහුගේ දෙනෙත් වලින් කඳුළු වැටේ. රාජු පුදුමයට පත් විය.

“ඇයි සහෝදරයා රාජු ඇසුවේය. “මොකද බන් අඬන්නේ. කේස් එකක්වද්ද?

එහෙත් ඔහු කතා නොකළේය. රාජු දිනුක එක්කන් මුදුලේ කොට්ටම්බා ගස යට තිබුණ ආසනයේ ඉද ගත්තේය.

“දිනුක

“රාජු.... ම...ට... උදව් කරන්න



“මොකක්ද කරදරයක්ද? කියන්න දිනුක



“වත්සලා



“ඔව් වත්සලා

“බදිනවා

“කාත් එක්කද? රාජු ක්ෂණිකව ඇසුවේය.

“මට වැඩක් නැ ඉදලා දිනුක හඩමින් තම මිතුරා වැළද ගත්තේය.

“ඉතින් කියන්න දිනුක මොකද උනේ

“රාජු

“කියන්න

“ වත්සලා හෙට විජිත් එක්ක කසාද බදිනවා

“මොනවා

“ඔව් රාජු ඇත්තමයි දිනුක සෝකයෙන් කතා කළේය. “මට උදව් කරන්න වත්සලා මගේ කර ගන්න. රාජු මං වත්සලාට කොච්චර ආදරෙයි ද? මගේ වත්සලා

“හරි දිනුක හඬන් නැතිව ඉන්නවාකෝ. අපි බලමු ඊලඟට මොනවද කරන්නේ කියලා

“මොනවා කරන්නද? දැන් සේරම නැති වෙලා ඉවරයි

“එහෙම හිතන්න එපා බං. ඒක නෙවේ බැරිද වත්සලා හම්බ වෙන්න.

“ඒක කරන්නේ කොහොමද රාජු

“හිපන්කෝ මං කියන්න. වත්සලාගේ යාළුවා නිලූකා හම්බ වෙන්න යමන්

“එයා හම්බ වෙලා මොනවා කරන්නද?

“කලබල වෙන් නැතිව ඉන්න දිනුක මම වැඩේ කරන්නම්. වත්සලා උබේ කරලා දෙන්නම්

“ඔය ඇත්තමද බං

“නැතිව මම බොරු කියනවායැ

රාජු හා දිනුක දිනුකගේ කාරයේ නැග නිලූකලාගේ ගෙදර ගියේය. එහි යන විට සවස පහ හමාර පමණ විය. නිලූකා ඔහුන් යන විට නිවසේ විය.



“හා නිලූකා කොහොමද? රාජූ කතා කරයි.



“ඔහේ ඉන්නවා අනේ

“ අපි ආවේ පොඩි වැඩකට උදව්වක් ලබා ගන්න

“මොකද්ද මගෙන් ගන්න තරම් තියෙන උදව්ව

“නීලූකා යමුද වත්සලාගේ ගෙදර

“මොකටද මේ හදිස්සියේ යන්නේ

“එක පස්සේ කියන්නම්

“පස්සේ නෙවේ දැන් කියන්නකෝ

“පොඩි වැඩකට

“මොකද්ද පොඩි වැඩේ නිලූකා අසයි. “ඇයි එයා බදින්න ඉස්සෙල්ලා මොනවා හරි කියන්න තියෙනවාද?

“නිලූකා රාජු කතා කරයි.

“යන්කෝ වැඩේ තේරෙයි.

නිලූකා දිනුක සමඟ වත්සලාගේ ගෙදර යන්න පිටත් විය. දිනුක සිටියේ සිත් තැවුලෙනි. මිණිසුන් ආදරය ඉදිරියේ ඉතා බොල වෙයි. ගැහැණු පිරිමි අතර වෙනසක් නැත. තමා ආදරය කරන කෙනා නැති වෙන කොට කාටද දුකක් ඇති නොවන්නේ. ඒදා බුදුන් වහන්සේ “ප්‍රියෝ පිප්පයොගෝ දුක්කෝ” කියලා ප්‍රියන්ගෙන් වෙන් වීම  දුකක් යැයි කියු කතාව සැබැවක් වන්නේ මේ වගෙ වෙලාවටය.

ආදරය තහන්චි නැත. කිසිවකු එයට බදා කරයි නම් එය පහත් වැඩකි. ලොකයේ තමාට කැමති කෙනා තොරා ගැනීමට අවසර තිබිය යුතු යැයි මට හැගේ. නැතහොත් පවුල් ජීවිතය තුල ගැවුම් ඇති විය හැක. ඇයි මේ තරම් ඉන්දිය බලපෑම් නිසා ආව දෙවල් නිසා විවාහය වැනි දෙය තුල දරුවන්ට තීරණ ගැනිමෙදි දෙමාපියන් අවනත වෙන්න වූයේ. එහෙත් හොඳ දෙයක් නම් දෙමාපියන්ට අවනත උණාට කම් නැත. එහෙත් ආදරය නොකරන කෙනෙක් එක්ක කෙසේ ජීවත් වම් ද?

“නිලුකා ” රාජු නිලූකාට කතා කරයි. “ඔයා වත්සලාගේ ගෙදර කවුරු හරි අපි කව්ද කියලා ඇසුවොත් කියන්න ඔයාගේ යාළුවන් කියලා කියන්න.

“ඇයි”

“ඒක වැඩක් නෑනේ. මම කීව දේ විතරක් කරන්න. අපි යන්නේ වත්තසලා හමු වෙන්න විතරයි.”

“දිනුක කාර් එක එකට වෙලා ඉන්න.”

“බෑ මම එනවා වත්සලා බලන්න. මට බෑ එයා බලන් නැතිව ඉන්න.”

“මේ දිනුක මම හොඳින් කියන්නේ”

දිකුක නිහඬ විය. ඔහු තම මිතුලා ලඟ මොනවා හරි අදහසක් ඇතුයි සිතුවේය.

රාජු හා නිලූකා දිනුක කාරයේ ඉන්න හැර වත්සලා හමු වෙන්න ගියහ. ඈ සිටියේ මලානික මුහුණකිනි. කඳුළු බිදු කිහිපයක් ඇගේ දෙකපුල් තෙමා ගොසිනි. ඇය දැකීමෙන් වත්සලා දිනුක හට කොතරම් ආදරය කරනවා දැයි සිතා ගෑනීමට හැකිය.

“වත්සලා” නිලූකා වත්සලාට කතා කරයි.

“නිලූකා” වත්සලා ඇය වැලඳ ගනිමින් කියයි.

“වත්සලා” රාජු කතාව පවන් ගත්තේය. “‍හෙට ඔයා මැරි කරනවාද? ඔයා එකට කැමතිද?”

“නෑ රාජු......” ඇය ලේන්සුවෙන් දෙනෙත පිස දැමුවාය.

“ඇයි ඔයා කැමති වුනේ අකමැති නම්”

ඇය නිහඬව ඇබරෙන්න විය.

“නිලූකා පොඩ්ඩක් පැත්තකට යනවද මට වත්සලාත් එක්ක කතා කරන්න ඕන.”

නිලූකා පැත්තකට ගියේය.

“වත්සලා ඔයා දිනුකට කැමතිද?”

“ඔව් රජු.... එත් අම්මාලා කැමති නෑනේ දිනුකට” ඇය ගලා ආ කඳුළු පිස දමමින් කිවේය.

“හරි හෙට මොකද කරන්නේ”

“අනේ... මන්දා.... හිතුනොත් ජීවිතය නැති කර ගන්නවා.”

“එයි වත්සලා කලබල වෙන්න එපා හෙට වෙනකන් ඉවසන්න.”

“අනේ මට බෑ”

“එහෙම කියලා බෑනේ. මම කියන එක අහන්න ලමයෝ.”

“මොකද් ද?”

“හෙට නැකත තියෙන්නේ කීයටද?”

“උදේ එකොළයි දහයට.”

“හරි අපි ඒ වේලාවට එන්නම්.”

“ඔයාලා ආවේ ඔය ටික කියන්නද?”

“නෑ හලෝ...” රාජු කීවේය. “ඔයා බය නැතිව ඉන්නකෝ කොහොම හරි දිනුකව ඔයාගේ කරලා දෙන්නම්.”

රාජු වත්සලාගෙන් සමුගෙන නිලූකා සමඟ යන්නට ගියේය. නිලූකා ඇගේ නිවසට ඇරලූ රාජු දිනුක සමඟ තම ගෙදරට ගියේය. ඒ වන විටත් වෙලාව රාත්‍රි දහයට පමණ විය.



ඊලඟ පියවර ගැන ඔහු සිතන්න විය. එහෙත් දිනුක වූයේ  කල්පනා බර මුහුණකිනි. දිනුක ඔහුගේ නිවසට නොයවා සිය නිවසේ රාජු නතර කර ගත්තේය. මොකද දිනුක සිටින තත්වය අනුව ඔහු තනිවම තැබීම නුසුදුසු බැවිනි.


කෙසේ නමුත් රැය පහන් විය. වත්සලාගේ විවහ මගුල පැවැත්වෙන දවස අදයි. වත්සලාගේ නිවස උත්සවත් ශ්‍රියෙන් බැබලෙයි. එහි මගුල් ගෙදරක අලංකාරයෙන් විය. මනාලි මනාලයා පිලිගන්න මල් පොකුරු බලා සිටි. හැඩ වැඩ දැමු මගුල් පෝරුව දෙදෙනා එන තුරු බලා සිටි. නිවසේ බැලු බැලු තැන මල් පොකුරුය.

කෙසේ වෙතත් මේ අතර කාවත් නොදැන එක දෙයක් සිදු වන්නේය. දැන් දැන් වේලාව දහවල් එකොළහට පමණ විය. මේ වන විටත් මනාලයා විජිත් සහා ඔහුගේ පිරිස පැමිණ සිටිති.

මනාලිය වත්සලා අලංකාර මංගල ඇදුමකින් සැරසි සිටිති.  අතේ රුවැති මල් පොකුරක් තිබුණද ඇගේ දෙනෙතෙන් වැටෙනා කඳුලු කැට කිහිපයකින් තෙමි ඇත. එසේ සෝක මුහුණෙන් ඈ සිටියද මනාලයා සිටයේ හද පිරි සතුටෙනි. තමට සහකාරියක් හිමි වන දවසේ මොන පිරිමියාටද සතුටක් ඇති නොවන්නේ. සමහර විට ඒ දවස ප්‍රීතිමත්ම දවස විය හැක.

ඒ උණත් තම පෙම්වතිය අහිමි වන විට කොතරම් දුකක් පිරිමි සිතකට ඇති වේද? හදවත්න්ම ආදරය කරයි නම් එය කෙසේ දරා ගන්නද?

මේ අතර මංගල උත්සවය කඩා කප්පල් කරන්නට දෙදෙනෙක් බලා සිටි. ඒ අන් කිසිවෙක් නොව රාජු සහා දිනුකය. වත්සලා අතේ බෙහෙත් පෙති වගයක්ද ඇත. රාජු හා දිනුක පැමිණියේ නැත්නම් බෙහෙත් පෙති ගිල දමා අනතුරක් කර ගන්නට ඇය අදහස් කර ගෙන ඇත.

රාජු බලා සිටියේ අවස්ථාවක් එන තුරුය. ඒ මගුල් පොරුවට මනාලයා හා මනාලිය නගින වේලාව එන තුරුය. කෙසේ වෙතත් වේලාව කෙමෙන් කෙමෙන් ලඟා විය. මනාල යුවල පෝරුවට නංවන ලදි. මංගල පෝරුවේ වැඩද ඇරඹිනි. මනාල යුවලයේ දැගිලි ගැට ගසන වේලාව ලං විය. ඒ ජීවිතය තුල නොලිහන්න ගසන ගැටයකී. දෙදෙනෙකුගේ එක් වීම සංකේතවත් කරනුයේ දැගිලි එකට එක් කර ගැට ගැසීමෙනි.

ඔහුන්ගේ දැගිලි ගැට ගැසීමට සැරසෙනවාත් සමඟම එතනට පැන ආවේ අමුත්තන් දෙදෙනෙකි. සියල්ලෝම ගල් ගැසි සිදු වන්නේ කුමක් දැයි බලන්න විය. පෝරුවේ වැඩ කටයුතු බාර කෙනා අතින් දැගිලි බදින්න ගත් නූල ගිලිහි වැටිනි. මනාලයට සිදු වන්නේ කුමක් දැයි සිතා ගැනීමටවත් බැරි විය. මෙසේ පැන ගත් දෙදෙනා අන් කවරකුවත් නොව රාජු හා දිනුකය. ඔහුන් දෙදෙනාම සන් ගාලාස් පැලඳ සිටි බැවින් ඔහුන්ගේ මුහුණු කාටවත් හදුනා ගැනීමට නොහැකි විය. දෙදෙනාම හැඳ සිටි කලු පැහැ කලිසම් සහා කලු පැහැ අත් දිග කමිස විය. එබැවින් ඔහුන් මැර පෙනුමෙන් යුක්ත විය.

“ඒ..යි.. ඔය වැඩේ නතර කරපල්ලා...” රජු කෑ ගැසුවේය. මොකද්ද මේ කරන බලු වැඩේ.  මේ මගුල කරන්න බෑ. තේරුනා ද? වහාම ඕක නතර කරන එකයි ඇත්තේ. නැත්නම් අපි නරක මිනිස්සු කියලා කියන්න එපා.”

වත්සලාගේ මද සිනා පොදක් මුහුණට ආවේ මේ වේලාවේය. එහෙත් අනෙක් අය භීතියෙන් බලා සිටි.

“දිනුක...........” වත්සලාගේ මුවින් පිට විය.

ඒ එක්කම තම අත රැදි බෙහෙත් පෙති බිමට වැටිනි. ඈ දිනුක ලඟට ඇදෙන්න විය. එහෙත් ඇයට එසේ කරන්නට නොහැකි විය. විජිත් විසින් ඈ අල්ලා ගත්තේය. ඈ ඔහුගෙන් ගැලවීමට දඟලන්න විය. ඒ අතර දිනුක පැන ඇය අල්ලා ගත්තේය.

විජිත් දිනුක කරා පැන්නේය. එහෙත් ඔහුට හරස් වූයේ කකුලකි. ඒ රාජුය. දිනුක හැර දමා විජිත් රාජු කරා පැන්නේය. මින් දෙදෙනා අතර සටනක් ඇති විය. වටේ අය කලබලයට පත් විය. දෙදෙනා වටා ඒ අය රොක් විය. විජිත්ගේ මිතුරන් ඔහුගේ උදව්වට ආවේය. රාජු ඔහුන් සමඟ සටන් කරන්න විය. දිනුක විජිත් සමඟ හුදකලා සටනක් පටන් ගත්තේය.

වත්සලා නිලූකා බදා ගෙන හඬන්න විය. ඈ දිනුකගේ සහා විජිත්ගේ සටන දෙස කඳුලු ගලන මුහුණෙන් බලා සිටි. වත්සලාගේ අහංසක කඳුලු බිදු ඇගේ ලැමැද තෙමි ගොසිනි. ඇයට සිතා ගන්න බැරි කවුරු දිනයිද කියාය. විජිත් කියන්නේ සටන් සිල්ප හදාරා ඇති මැරයකි. එබැවින් දිනුක ගැන බියෙන්ද ඈ වෙලා ගොසිනි.

රාජු නම් එකා පිට එකා වැටෙන ලෙස සිය පතිවාදින් බිම දමයි. රාජු කියන්නේ ඉතාමත් සවිමත් ගතක් ඇති තරුණයෙකි. ඔහුගේ පහරවල් කොතරම් බලවත්ද කියනවා නම් ඉතා ඉක්මනින්ම සටනට ආ අය පරාජය කරන ලදි. එහෙත් දිනුක විජිත් සමඟ සටන් කරයි.

රාජු ඔහුන් දෙදෙනාගේ සටන බලන්න විය. දිනුක වැඩුනු සිරුරක් හිමි අඩි හයක් පමණ උස තරුණයකි. එසේ ම නිතරම ව්‍යායාම කරන බැවින් ශක්තිමත් බව අතින් ඉහලින් ඔහු වේ.

වත්සලා දෙගිඩියාවෙන් පසු වෙයි. ඇගේ සෝකාකූල මුහුණ දකින කාට වුවද ඇති වන්නේ ඈ ගැන අනුකම්පාවකි. ඇගේ දෙමාපියන් පමණක් නොව මේ දෙස අනෙක් අයද දෑස් අයා බලා සිටි. මනාලයා සමඟ පිටස්තරයෙක් සටන් කරන විට කවුරු කියා බලා නොසිටින්නද? ඒ වගේම දෙදෙනා අතර වූයේ දරුණු සටනකි.

ටිකෙන් ටික දිනුක අඩ පන වන බවක් දක්නට විය. දිනුක විජිත් දුන් පහරකින් මුනින් තලා බිම වැටිනි. එවිට ම වත්සලාගේ මුවින් කෑ ගැසිණි. තවත් තද පහරවල් කිහිපයක් දිනුකගේ කය පුරා වැදී ඉවත් විය. වත්සලාගේ මුහුණ දැතින් වැසිනි. දිනුක නැගිටින්න උත්සහ කරන විට විජිත් තව පහර දෙන්න විය. දිනුක එසේම බිම වැටි නිසොල්මන් විය. විජිත් වත්සලා ඇදලා තමා ලඟට ගන්නා ලදී.

බිම වැටි නැගිටින්න උත්සහ කරන දිනුක දකින කාට වුවද ඇති වන්නේ ඔහු ගැන අනුකම්පාවකි. “අහෝ බලන්න සිය පෙම්වතිය හින්දා පහර කා වැටී ඉන්න අහිංසක පෙම්වතා දෙහා” ආපසු හැරි දිනුක බලන්න විය. වටේ අය ඔහු දෙස බලා සිටි. පසෙකින් රාජු හා නිලූකා විය. වත්සලාගේ අතින් අල්ලා සිටින විජිත්ගේ මුහුණ දෙස බලා ඔහු බිම බලා ගත්තේය.

“ඒ..යි.. දිනුක වත්සලා එපාද?” විජිත් දිනුකට කියන්න විය. “පුලුවන් නම් අරන් පලයන්”

අසරණව බිම වැටි සිටින දිනුකගේ සිත ගත දෙදර යන්න ඒ වදන් සමත් විය. ඔහු රාජු දෙස හැරි බැලුවේය. රාජු අතින් කියන්නට වූයේ නැවතත් නැගිටින්න කියාය. මේ අතර ඔහුට දැනුනේ මුලු ගත පුරා නැගෙන වේදනාවන් ඔහු කෙරෙන් ඉවත් වී ගියා මෙනි. දිනුක වත්සලාගේ මුහුණ බලා නැගී සිටියේය. ඔහු ඇදගෙන සිටි ඇදුම ගලවා රාජු දෙසට විසි කළේය. හරියට කියනවානම් චිතුපට ජවනිකාවක් මෙනි.

“එයි විජිත් මෙහේ වරෙන් . උඹට වත්සලා ගිනියන්න දෙන්නේ නෑ.”

මේ වදන් ඇසුනු විට විජිත් නැවතත් දිනුකට වේගවත් පා පහරක් දුන්නේය. දිනුක විසි වී ගොසින් බිම වැටිණි. බිම වැටි නැගිට ගත් දිනුක විජිත් කරා පැන වේගයෙන් පහරවල් කිහිපයක් එල්ල කළේය. ඔහු කොතරම් වේගයෙන් පහර දුන්නේ දැයි කියනවානම් කෙටි වේලාවක් තුල විජිත් බිම වැටුනේය.  රාජු තව දුරටත් පහර දෙන එක නවත්තා දිනුක ඔහු පැත්තකට ඇදලා ගත්තේය.

ජයග්‍රාහි ලීලාවෙන් නැගිට ගත් දිනුක වත්සලා ලඟට ගොස් ඇය බදා ගත්තේය. එය බලා සිටින කාට වුවද දෙනෙතට කඳුලු උණයි. හඬන්න කඳුලක් එනවා නම් එය තුල අරුතක් ඇත. සිනා සෙන්න එනවා නම් එතන ලොකු සතුටක් ඇත. ලෝකය තුල ඔබ මම ජීවත් වෙන්න ඕන වෙනවා. ආදරයට ආදරය කරන්න. සෙනෙහසට සෙනේහසක් දෙන්න. තමාට සිතේන දේ නොකර අනෙක් අයගේ අදහස් ගැනත් සිතන්න. ප්‍රේම වන්තයන්ට ප්‍රේම කරන්න දී අපි බලා ඉමු. ආදරය ලෝකය වෙනස් කරාවි.

සෙනෙහසක් වෙනුවෙන් දහසක් දේ පුදන්නට සැබැ ප්‍රේමය දන්නෝ වෙහෙසෙති. ප්‍රේමයනම් අපිට දිවි පුදා පුදන්න ඇති වටිනා මැණිකකි. දිනුකට අවශ්‍ය වූයේ වත්සලා තමාගේ කර ගන්නටය. එයට දැන් බදා කරන්න කිසිවෙකු ඉදිරිපත් නොවේ. තමා දිනා ගත් වස්තුව සුවකීය දෝතේ මැදි කරගෙන දිනුක යන්න ගියේ තමාගේ කියා ලස්සන ලෝකයක් වත්සලා එක්ක හදා ගන්නය.

නිමි.







No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...