Search

Friday, August 10, 2012

සොහොන් බිම


මද නල හමා ය                  න
වට කර මහ රුක් ව            න
ඉද හිට හ නැගෙ             න
මහ ගන වන පෙත කො     න

කිසිවකු නැති ඉම              ක
මල සැම නිදන තැන          ක
ඇති වනයෙ පිටිය             ක
කියමි සිරි මෙලෙස දැ        ක

තැන තැන කටු පඳු           රු
හැම තැනය වල් පඳු          රු
තැන තැන බිම ඇති          රු
නම කෙටුව ගල් පතු         රු

නැත කිසිවෙකු ඉදි            න
නිතර හිවලුන් ලගි             න
අඳුරු රැය සොලව             න
වවුලන් මෙහි හඬ දෙ         න


තරු නැති පාලු                රැය
සීතල මඳ නල                 රැය
නඟන හඬ මහ                රැය
සැම ගත වෙවුලයි            රැය

සුළඟකට ලෙල දෙ            න
වල වටේ ගොක් රෑ            න
නැගෙන හඬ සෙලවෙ        න
හදවත බියෙන් තෙම          න

මෙහෙවර කර සැම             ට
නොයෙන ගමන් යන කො  ට
ඉන්න තැනකි සැම             ට
සැතප සාමෙන් එක            ට

සතර රියන සැම                 ට
උරුමය අනුව සැම             ට
ඇති තැනය නින්ද              ට
නිදහස ඇතිය සැම             ට

නව අය පරණ                 අය
අමතක වී ගිය                  අය
ලොව හැර යනෙන          අය
පිටියකි හමුවන                අය

 උමතු ගී විරිත

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...