Search

Tuesday, September 13, 2011

කදුරුගොල්ල ගලේ අභිරහස/සරුංගලේ/නවකතා/Nawakatha


සරුංගලේ

          අගොස්තු මාසයේ පොල්ගහවෙලට හොඳට පායයි. ඒ වගෙම වියලි සුලං එකම දිශාවකට හමා යයි. මේ කාලයේදි ගොයම් කපා අස්වනු ගොඩ ගන්නා බැවින් වෙල් එළිය නිදහස්ය. එබැන්  මේ කාලයේ ළමයි කරන්නේ සරංගල් යවන එකත් වෙල් එළියේ සෙල්ලම් කරන එකත්ය.
         ලොකු අයියා සැව් කොල වගයක් කඩෙන් ගෙනත් තිබුනේය. ඔහු ඒවා ගෙන ආවේ සරුංගලයක් හදන්නටය. ලොකු අයියා පොඩි කාලේ ඉදලම සරුංගල් හැදුවේය. ඔහු සැම අවුරුද්දකම අප්‍රේල් මාසේට යවන්න සරුංගල් සාදයි.
         “සාගර මල්ලි මං සැව් කොල වගයක් ගෙනාව සරුංගලයක් හදන්න”
         ලොකු අයියා ගෙනා සැව් කොල සාගර අතට දෙමින් කීවේය. ඔහු සැව් කොල ගෙනත් තිබුනේ කාටවත් සරුංගල් හදනවා කියලා නොවේ. සාගර මල්ලි එහෙම ගෙදර නවතින්න එන බව කල් ඇතිව දන්නා ලොකු අයියා ඔහුන් ආවට පස්සේ සරුංගලයක් හදන්න අදහසක් තිබුනේය.
        “නදී, රේනූකා” සාගර දෙන්නටම අඬ ගැසුවේය.
        “ඇයි අයියේ”
        “ලොකු අයියා සරුංගලයක් හදන්න සැව් කොල ගෙනල්ලා. මෙහෙට එන්නකෝ”
         “ලොකු අයියා අපිට කියන්නේ නැතිව සරුංගලයක් හදන්න සැව් කොල ගෙනාව නේද?” රේනූකා අමනාපෙන් මෙන් කීවේය.
          “නෑ නංගි. මං හිතාගෙන හිටියේ සාගර ආවම පස්සේ සරුංගලයක් හදන්න ඕනැ කියලා. කල් ඇතිව ඔයාලට කිවනම් මට කනක් ඇහිල ඉන්න නෑ සරුංගලේ හදලා ඉවර වෙනකම්”
         “අනේ යන්න ලෝකු අයියේ”
         සෑම සැරේකම සරුංගල් හදන කාලේට රේනූකාගෙන් ලොකු අයියටත් චූටි අයියටයි බේරුමක් නම් නෑ සරුංගල් හදලා උඩ යවනකම් ඒ සවස් වලට රේනූකා නංගි අයියලා දෙන්නා පස්සෙන්මය.
         “සාගර මල්ලි යන්ද වත්ත උඩහට තල් කූරු කපාගෙන එන්න” ලොකු අයියා කීවේය. “කෝ චූටි මල්ලි” ලොකු අයියා චූටි මල්ලි කීවේ චූටි අයියටය.
         “චූටි අයියේ.....” රේනූකා නංගි චූටි අයියට කතා කරයි.
         “මොකද ලමයෝ.... කෑ ගහන්නේ” කමලා කෑ ගසයි. “පොඩි ලමයා කඩේ පැත්තට ගියා”
          “රේනූකා පිහියක් අරන් එන්න” ලොකු අයියා රේනූකාට වැඩක් පැවරුවේය.
            සාගරත්, නදීත්, රේනූකාත්, ලොකු ඇයියත් තල ඉරට කපන්න ලොකු අයියලගේ වත්ත උඩහට ගියේය. වත්ත ඉහල කෙළවර ලොකු තල් ගස් කිහිපක් ඇත. තල් ගස් වල ඉරටු සරුංගල් හැදිමට ඉතා හොඳය. ඔනැම අතකට නැවිය හැකි තල ඉරටු වලින් ඉතා හොඳ සරුංගල් සාදා ගත හැක.
           ඔහුන් තල ඉරටු කපාගෙන සුද්ද කර ගෙන ආවේය. ලොකු අයියා තල් ඉරටු වලින් සරුංගලයක් හදන්න පටන් ගත්තේය. සරුංගල් හදන්න ලොකු අයියා ඉතා දක්ෂය. ලොකු අයියා ලඟට ගමේ කොල්ලෝ ගොඩක් අය සරුංගල් හදා ගන්න එන්නේය. ඔහුට සරුංගල් හදලා දෙන්න කියලා වැඩියෙන්ම කරදර කරන්නේ සුනිල් මල්ලිය. ඔහුට කොච්චර සරුංගල් හදලා දුන්නත් වැඩක් නැතිය.
          “ලොකු අයියේ.....සරුංගල් හදනවා වගේ....” සුනිල් මල්ලි ගෙදරට එන ගමන් කීවේය. “සහ්.... මටත් අමතක උනානේ ....මේ සැරේ සරුංගල් හදන්න”
          “ආ....... උඹ ආවද.....” ලොකු අයියා කීවේය. “උඹ එනකම් තමයි සිටියේ”
           “ඇයි මොකද ලොකු අයියේ...”
           “නෑ නිකං.....වරෙන් මෙහෙට උඹට පොඩි වැඩක් බාර දෙන්න” ලොකු අයියා කියයි. “උඹ මේ සරුංගලේ හදනකම් දෙල් කිරි ටිකක් හොයාගෙන වරෙන්කෝ”
             “මේක හැදුවට පස්සේ ගේමු ලොකු අයියේ”
             “අප්පේ උඹේ තියේන කම්මැලි කම. සාගරත් අඬ ගහගෙන පලයන්”
             “හ්ම්........හ්ම්.......” සුනිල් ඔලුවට අත ගහගෙන ටිකක් අදිමදි කරමින් වැඩේ බාරගත්තේය.
           සුනිල් සාගර සමඟ දෙල් කිරි ගෙන්න ගියේය. කොහොමත් සුනිල් මල්ලි ටිකක් වැඩ කරන්න කම්මැලිය.
           ලොකු අයියා සරුංගලේ හදලා ඉවර කළේය. ඔහු සැදුවේ මොණර සරුංගලයක්ය. ඔහු සාදන ලද සරුංගලේ අඩි පහක් පමණ උස විය. ඔහු ටිකක් ලොකු සරුංගලයක් හදන්න සිතාගෙන සිටියේ ටික කලක සිටය.
             සුනිල් මල්ලි ගෙන්ත් දුන්න දෙල් කිරි සහ සැව් කොල යොදාගෙන සරුංගලය අලවන ලදි. සරුංගලය නිල් පාට සැරුංගලයකි. එහි රැලි දැම්මේ දම් පාටිනි.
              “ලොකු අයියේ මොකද? ලොකු සරුංගලයක් හදන්න හිතුනේ” සුනිල් මල්ලි අසයි.
           “ඇයි ලොකු සරුංගල් හැදුවම උඩ යන්නේ නැද්ද?”
           එලොකු අයියාගේ ඒ කතාවට කට්ටියටම සිනහා ගියේය.
            “කෝ......උඹ මේ පාර සරුංගලයක් හදන්නේ නැද්ද” ලොකු අයියා සුනිල් මල්ලිගෙකන් ඇසුවේය.
            “හදන්න ඔනෑ කො ගෙදරින් සල්ලි ඉල්ලුවට දෙන්නේ නෑනේ”
             “උඹ කරන මගෝඩි වැඩ හංදා ගෙදරින් සල්ලි දෙන් නැති එකක් පුදුමයක්යැ” ලොකු අයියා කීවේය.
              රේනුකා ගිහින් මගේ කාමරේ මේසේ ලාච්චුවේ නූල් පන්දුවක් ඇති ඒක ගෙන්න”
               රේනූකා ගිහින් නූල් බෝලේ ගෙනාවේය. ලොකු අයියා ගෙනත් තිබුණේ ටිකක් ලොකු ශක්තිමත් නූල් බෝලයකි.
             සුනිල් මල්ලි ගිය පාර සරුංගල් අරින්න නූල් ඔතපු ලෑල්ල ගෙදර ගිහින් අරන් වරෙන්කෝ..... ”ලොකු අයියා සුනිල් මල්ලිට කීවේය.
             සුනිල් මල්ලි ගෙදර දිව ගියේය.  
මතු සම්බන්දයි

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...