හදවත
පුරවා ඔබ හට දුන් සෙනෙහස
අහිමිව
ගියා අපෙ ආදර මතක රැස
සුලඟක
පවා මුසු කරවු අපෙ සෙනෙහස
ඇයිද
කුණාටු එන්නෙ මගෙ ආදරේ දෙස
ඇල
දොල වන ගොමු තුරු ලිය අතර කොනේ
අප
ඇවිද ගියේ අත් ගෙන එක සෙවනේ
කුරුලු
නදින් අපෙ සෙනෙහස රැව් දුන්නේ
අපෙ
සෙනෙහස තවමත් ගහ වැල දන්නේ
පහලට
වැටෙන දිය බිඳ විසිරි යන්නේ
උදයට
පිපුනු මල් සැම පරව යන්නේ
වතුරට
දමන ලුණු කැට දියව යන්නේ
අපෙ
සෙනෙහස ඔබ හද තුල පර වෙන්නේ
No comments:
Post a Comment