සිනා සෙන්නේ ඇයි ඔයා
මා දෙහා බල බලා
කතා කරන්න ආසයි
ඔබට රත්තරං නගේ
බලා ඉන්න ඇස් දෙහා
කතා කරයි නෙතු අගින්
පිපි වැනේ වන මලක
සුවඳ හමන පිවිතුරු
මල් නෙලා ගන්න සිතුන
සිතක වද දෙයි සිතුවිලි
කතා කරනු සිතේ තිබෙන
ඔබට රත්තරං නගේ
බලා ඉන්න සිතට සුවය
ලැබෙන සුව ගලා යන්න
සොඳුරු සිනා මුසු කරලා
සුලං රොදේ ගත සරසා
බලා ඉන්න දැස් දෙහා
ඔබයි රත්තරං නගේ
කතා කරන සිත අහන්න
ආදරණිය නංගියේ......//
No comments:
Post a Comment