කඳුළු ගලාගෙන ඇයි දුව එන්නේ
කඳුළු ගලාගෙන ඇයි දුව එන්නේ
ඔබේ දෙමාපියන් ඔබ හට බැන්නාදෝ
අපේ ආදරේට යදම් දැම්මාදෝ
නාඬා කියන්න මගෙ සුදු මැණික
නෙතේ ගලන කඳුළු වැල් වලින්
මගෙ සිත තෙමා හඬා වැටේ
අරුම ලොවක අරුම ජීවිත අතරේ
පෙම්වන්තයෝ හඬා වැටි වැටේ
වැළපෙන්න ඉඩ දෙන්න එපා
සිත් සනසා ගනිමු අපි දෙන්නා
කුළුදුල් ආදර පැතුම් ගිලිහි
බිඳි වැටි යන්න දෙනු එපා
No comments:
Post a Comment