කදුරුගොල්ල ගලේ අභිරහස
01
පොල්ගහවෙල ගමන
පරිසරය පුරාම අඳුර වැටි ඇත. මදක් හෝ එළිය තිබුනේ නම් ඒ
අඩ සඳෙන් දෙන ආලෝකය විය. අහසේ තැන් තැන් වලින් තරු කැට පායා එයි. සුදුවන් වලා රැළි
කිහිපයක් අලසව එහා මෙහ පාව යයි. මද සීත මද නල ඉද හිට ඇදි යයි.
මිහිකත මවගේ සුන්දරත්වය රාත්‍රි කාලයේ අපගේ දෙනෙත කරා ගෙන එන්නේ මිහිරකි.
දවස ගෙවි උදාවන රාත්‍රිය අපට විවේකයෙන් නිහඩව ඉන්න කාලය සපයා දෙයි. විඩාබර ශරිරයට
රාත්‍රිය ගෙන එන්නේ මහත් අස්වැසිල්ලකි.
රාත්‍රි
අහස දෙස නෙත් යොමාගෙන බලා සිටින සාගර ඒ අහසේ සුන්දරත්වය විඳගනිමින් සිටි. සිත
පුරාම ඔහුගේ ඇදි යන්නේ සුන්දර දසුන් වලිනි. පාසල් වාරය ඉවර වී මේ උදා වූ නිවාඩුවේ
විවේකයෙන් දවස ගෙවිම ඔහුගේ සිරිත විය. නමුත්අද දින එලිට වී මිදුලේ ඇති බන්කුවේ
වාඩි වී සිටින්නේ අද රාත්‍රියත් ඉක්මනින් ගෙවෙනවානම් හොදයි කියාය.
හෙට දින ඔහුත් ඔහුගේ නංගිත් නිවාඩුවක් ගත කරන්න මාමලාගේ ගෙදර යයි. සාමාන්‍යෙයන්
සෑම පාසල් නිමාඩුවකටම වාගේ කොහේ හෝ නෑදැයෙක්ගේ ගෙදර නිමාඩුවක් ගත කරන්න ඉඩ ලැබෙයි.
සාගරගේ මාමලාගේ ගෙදර තිබුනේ පොල්ගහවෙලය. පොල්ගහවේල පලාතට ඔහු ඉතා කැමතිය.
සෞම්‍යය දේශගුණයකින් යුක්ත එම පාලාත සෑම අතින්න හොඳ ප්‍රෙදේශයකි.
ගමේ වැවේ නාන්න ලැබෙන එකද, මහ ඔයේ පීනන්න ලැබෙන
එක, කදු වල ඇවිදින්න ලැබෙන එක, වෙල් එළියේ සෙල්ලම් කරන්න ලැබෙන එක ඔහුගේ සිත් ගත්
දෙවල්ය.
හෙට දිනයේ යන ගමන ගැන විවිධාකාර සිතුවිලි
සමුදායකින් ඔහුගේ සිත පිරි ඇත. සුනිල් මල්ලි, චූටි අයියා, ලොකු අයියා, චාමර,
සුරංගි අක්කා රේනුකා, නංගි මේ කට්ටියත් එක්ක නිවාඩුවේ සෙල්ලම් කරන්න ලැබෙන හැටි
සිත තුල ඇදි මැකි යයි.
“අයියේ”
සාගරගේ නංගි නදි ඔහු සිටි තැනට ආවේය. “මොකද අයියේ ඔතෙන්ට වෙලා කලා නිදා ගන්නේ
නැද්ද.”
“පුතේ........
ගෙට ඇවිල්ලා කන්න”
සාගරගේ අම්මාද දොරෙන් මුහුණ දමා සාගරට කිවාය.
“යං
අයියේ කන්න සාගරගේ නංගි අතින් අදිමින් කිවාය. මටත් බඩගිනියි.
“ඔයාට
බඩගිනිනම් ගිහින් කන්න... මං තව ටිකකින් ඇවිල්ලා කන්නම්.”
“එහෙනම්
ඔයා ඔතෙන්න වෙලා ඉන්න මම යනවා කන්න”
සාගරට නම් කෑම කන්න අදහසක් නෑ. මොකද ඔහුගේ සිත
පිරි ඇත්තේ හෙට යන ගමන ගැනෙ බැවිනි. සාගර ටික වෙලාවක් රාත්‍රි අහස දෙසත් අවට සිරිත්
නරබමින් ටික වෙලාවක් සිට ගේ තුලට ගියේය.
ඔහු ගෙට යන විට අනෙක් අය කෑම කා ඉවරවෙලා නින්දට ගිහිල්ලා සිටියෝය. ඔහු බත්
බෙදාගෙන කලා ඉවර වෙලා අත හොදාගෙන ඔහුගේ කාමරයට ගියේය. නිදියන්න ඇදට වැටෙන්න
ඉස්සෙල්ලා හෙට ඔහු අරගෙන යන දේවල් සකස් කර තබා නින්දට වැටුනේය.
නින්දට වැටුනත් සාගර අහලකටවත් නින්ද ආවේ නැත. ඇදේ එහෙට මෙහෙට පෙරලෙමින්
නිදියන්න සාගර උත්සහ කළේය. එහෙත් ඔහුට නින්ද නොයයි. අයෙත් වරක් නැගිටලා හෙට ගෙන යන
දෙවල් සෙරම දමා ගෙන දැයි බැලුවේය. මේ ආකරයට කිහිප වරක්ම ඒවා ඇද බැලුවේය.
වටින්
ගොඩින් එළිය වැටිගෙන එයි. උදේ පාන්දර කුරුළු නාදය සැම දෙසින්ම ඇසේ. නව දිනයක
උදාවත් සමඟ පරිසරය නැවුන් බවකින් යුක්තව ඇත. ටිකෙන් ටික අඳුර මහ පොලව වසාගෙන සිට
ඉවත් වී යමින් පවති.
උදේ
පාන්දරින්ම කුකුළන් හඬළනවාත්
විටම වාගේ සාගර නැගිට්ටේය. එදා නිමාඩු දිනයක් බැවින් ගෙදර අයද ඒ වන විට අවදිව
නොසිටියේය. සාගර ඇදෙ රෙද්ද සකස් කර පොරවාගෙන සිටි රෙද්ද නමා දැමුවේය. කාමරයේ
ජනේලයක් හැර ඔහු ජනේලය තුළින් එළිය බැලුවේය.
ඒ වන විට මද අඳුරු ගතියක් පරිසරයේ තිබුනේය.
නමුත් එලිය වැටි ඇත. තණ මත කුඩා පිනි බිදු දක්නට ඇත. මඳ සිහින් සීතල සුළඟක් ඉද හිට
හමා යයි. ජනේලයෙන් ගෙට එන වාතයෙන් සාගරගේ ගතද මදක් සීතල කර දමයි. නමුත් උදැසන ඇගේ
වදින වාතය නම් ගතට අමුතු සනීපයක් ගෙන එයි.
සාගර කාමරයෙන් එළියට ඇවිත් මිදුලට ගියේය. මිදුලේ
සිටවා ඇති මල් ගස් වල මල් පිපි ඇත. මල් මත පිනි බිදු වලින් තෙමා ගොසිනි. මද මීදුම්
ගතියක් ද පරිසරයේ ඇත. අහසේ තැන් තැන් වල කුරුල්ලෝ ඉගිලි යයි. ඈත කදු අතරින් හිරු
කුමරු එබී බලන්න උත්සහ කරමින් සිටි.
“සහ්..... ලස්සන උදැසනක්.”
සාගරගේ කටින් පිට වුයේ ඉබේය. ඔහු මිදුලේ එහාට මෙහාට ඇවිද්දේය. වෙනදානම්
ඔහු මේ වෙලාවට පාසල් යන්න සුදානම් වෙයි. එහෙත් දැන් නිමාඩු කාලය හන්දා පාසාල්යන්නේ
නැත.
වෙනදා
නම් ඔහු මුහුණ සොදන්නේ වතුර පයිපෙනි. එහෙත් ඔහු අද වත්තේ ඇති ලිඳ දෙසට මුහුණ සොදන්න
ඇදුනේය. ගෙදරට වතුර පොම්ප කර ඇති නිසා කවුරුවත් ලිඳට නොයයි. ලිඳ අවටනම් ටිකක් කැලේ
වැසි ඇත. එහෙත් ලිඳ ලඟ නම් පිරිසිදුය.
සාගර ලිඳේ වතුර ගන්න දමා තිබු බාල්දියෙන්
වතුර එකක් බා ගත්තේය. වතුර මුහුණට දමන විට නම් ටිකක් සීතල දැනේ. උදැසන නිසා වතුර
සීතල ගතියෙන් යුකතය. සාගර ඒ සීතල බව නොතකා මුහුණ සෝදා ගත්තේය.
ඔහු ගෙදර දෙහාට යන විට ගෙදර අය නැගිටලා සිටියේය. සාගරගෙ තත්තා මිදුලේ කාර්
එක සෝදමින් සිටියේය. අද යන ගමනට ඔහු කාර් එක සුද්ද පවිත්‍ර කරයි. සාගරයේ නංගිද ඒ අසල බිම
හිදගෙන බලා සිටියි.
සාගර තත්තා සිටි පැත්තට යන්නේ නැතිව
කුස්සිය පැත්තට රින්ගා ගත්තේය. කුස්සියේ අම්මා උයමින් සිටියි. සාගර ලිප ලඟට ලං
වෙලා උයන්නේ මොනවා දැයි කියා බැලුවේය. පසුව ඔහු අසල තිබු පුටුවක හිද ගත්තේය.
“පුතේ මුහුණ කට හෝදා ගත්තද?” සාගරගේ අම්මා ඇසුවේය.
“ඔව්”
සාගරගේ අම්මා කිරි එකක් සදා
සගරට දුන්නේය.
“අම්මේ .... නංගි බිවද..”
“ඔව් පුතේ....”
උදේ සාගරටයි නංගිටයි අම්මා කිරි හදා දෙයි. උදේ
පාන්දර ඉස්කෝලේ යන්න දෙන්නම නැගිට්ට පස්සේ කරන්නේ මුහුණ හෝදාගෙන කිරි එකක් බොන
එකය.
උදේ දහය පමණ වන විට ගෙදර
සියල්ලෝම සාගරගේ මාමලාගේ ගෙදර යන්න ලැහැත්ති උණේය. සාගරගේ මාමලාගේ ගෙදර අරන් යන
දෙවල් සාගර කාරයේ ඩිකියට දැම්මේය. නංගීද ඔහුට උදව් කළේය.
සාගර සිටියේ ගොඩක් සතුටෙනි. ඒ වගෙම
සාගරගේ නංගිද සිටියේ සතුටෙනි. සාගරත් නංගිත් කාරයේ පිටි පස්ස නැග්ගේය. සාගරගේ අම්මා ඉස්සරහට නැන්ගේය.
පිටිපස්සේ හොඳට ඉඩ තිබු නිසා දෙන්නට නිදහසේ ගමන යන්න පුලුවන.
නිවසින් පිට වූ කාරය කොළඹ නුවර
පාර දිගේ පොල්ගහවේල බලා පිටත් විය. පැයක පමණ ගමනකින් ඔහුන් අඹේපුස්සට ලඟා විය.
ඔහුන් අඹේපුස්සේදි තේ බීලා නැවතත් ගමන පිටත් විය. තවත් පැය බාගයකට පමණ පසු ඔහුන්ට
පොල්ගහවෙලට ලඟා විය හැකි විය. ඒ වන විට වෙලාව දොලහට පමණ විය.
පොල්ගහවේල පිහිටියේ කොළඹ
කුරුණැගල මාර්ගයේ අතර මැදය. මේ නගරය ටිකක් කුඩා නගරයකි. ලංකාවේ උඩරට, පහතරට, රජරට
දුම්රිය මර්ගය බෙදෙන්නේ මේ පොල්ගහවේල නගරයෙනි.
සෞම්‍ය දේශගුණයකින් හෙබි පොල්ගහවෙල අලංකාර ප්‍රදේශයකි.
සැම තැනම පොල් වගාද ඒ අතර කුඹුරු යායවල් දක්නට ලැබේ. සැම තැනම කුඩා කදු දක්නට
ලැබේ. සක්‍රීය භූමිබාගයකින් මේ පාලාත යුක්තය.
පොල්ගහවෙල නගරයේ නැවතුනු
ඔහුන් සාගරගේ මාමලාගේ ගෙදර ගිනියන්න අවශ්‍ය දෙවල් පොල්ගහවේල නගරයන් මිල දී ගත්තේය.
අවශ්‍ය දෙවල් ගත් ඔහුන් නැවත්ත ගමන් ඇරඹුවේය.
කුරුණැගල පාරේ කිලෝමීටර් එක
හමාරක් පමණ ගිය විට ගොඩවේල හංදිය හම්බ වෙයි. ගොඩවෙල හංදියෙන් හැරි කුඩාගම පාර දිගේ
ඔහුන් ගමන් ඇඹුවේය. කුඩාගම පාරේ කිලෝමීටර් හතරක් පමණ ගිය විට ගොඩිගමුව හංදිය හම්බ
වෙයි. ගොඩිගමුව හංදියෙන් හැරි වෙල පාර දිගේ මාමලාගේ ගෙදරට ඔහුන් ගියේය.
සාගරගේ
මාමලාගේ ගෙදර පිහිටියේ ගොඩිගමුව කන්ද පාමුල වෙල් යාය අසලය. ඒ හරිය සුන්දරත්වයෙන්
යුක්ත වෙයි. ඈත සැම තැනම පෙනෙන්නේ වෙල්
යාය වෙයි. වෙල් යාය කෙළවර ගොඩිගමුව පන්සල පෙනේ.
සාගරලාගේ කාරයේ සබ්දය ඇසි සාගරලාගේ මාමලාගේ
ගෙදර අය එළියට ඇවිත් සිටියේය. චූටි අයියා ඇවිත් සාගරගේ අතින් අල්ලා ගත්තේය. රේණුකා
නංගි ඇවිලා සාගරගේ නංගි නදි බදා ගත්තේය.
“මෙන්න ගම්පහ මල්ලිලා ඇවිල්ලා” සාගරගේ මාමා එහෙම කියාගෙන මිදුලට
බැස්සේය.
“උදෙන්මද මල්ලියේ පිටත් උනේ”
“නෑ අයියේ..... දහයට විතර”
“නංගි යං ගෙට”
සාගරගේ මාමා සාගරගේ අම්මට කිවේය. “සාගර පුතේ නදි දුවේ යං ගෙට”
“හා මාමේ”සාගර කිවේය.
“අප්පේ.....
මල්ලියේ.... දකින්ට තියෙන අමාරුව.” සාගරගේ නැන්දා එහෙම කියාගෙන කුස්සිය
පැත්තේ ඉදලා ස්තෝප්පුවට ආවේය. “නංගිත් ඇවිල්ලා ඉන්නේ”
“මේ දවස් වල නිමාඩුයිනේ. ඒක
හංදා කට්ටිය ආවා” සාගරගේ අම්මා කීවේය.
“කට්ටිය ඇවිලා මහසිත් ඇතිනේ
කමලා මල්ලිලාට බොන්න මොනවා හරි හදන්නකෝ” සාගරගේ මමා සාගරගේ නැන්දට කීවේය. “දැන්
තේ බොන වෙලාවක් නෙමේ කන වෙලාව. කමක් නෑ මොනවා හරි බීලා ඉමුකෝ”
“පුතේ දෙන්නම ගිහිල්ලා ඇදුම් මාරු
කර ගන්න.” සාගරගේ මාමා සාගරට හා නදිට කීවේය.
“අයියේ කොහොමද මේ පැත්තේ විස්තර එහෙම” සාගරගේ තාත්තා ඇසුවේය. “සැහෙන
කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා මේ වැඩ හංදා”
“නරකක් නෑ මල්ලි. මේ දවස් ටිකේ
කුඹුරු වලමයි.”
“අයියලාගේ ඒවා කපලා ඉවරද
“නෑ මල්ලි. හෙට අනිද්දා කපලා
දාන්න ඔනෑ. පෑයුමත් සැරයි. තව පායන්න ඉස්සෙල්ලා වී ටික ගොඩ ගත්තොත් තමයි හොඳ”
“එකනං ඇත්ත. මේ දවස් ටිකේ මාර
පැයුමක් තමා තියෙන්නේ. අගොස්තු පැවිල්ලනේ”
සාමාන්‍යයෙන් මේ පලාතේ අගොස්තු
මාසයේදි ගොයම් අස්වනු ගොඩ ගන්නා කාලයයි. මේ දවස්වලට මේ පලාතට හොඳට පායයි. දහවල් වන
විට රස්නේ ගතිය ඉතා වැඩිය. ගොවිතැන් කල අය මේ කාලය තුල අස්වනු නෙලා ගනු ලබයි.
“සාගර අයියේ කොහොමද.” රේනුකා නංගි සාගර ලඟට ඇවිත් ඉදගනිමින් ඇසුවේය.
“නරකක් නෑ නංගි. ඔයාලට කොහොමද”
“අපිටත් එහෙම තමයි” රේනුකා කිවේය. “අයියලාට මෙහෙ රස්නේ
වැඩි නැද්ද”
“මොන රස්නෙද නංගි මෙහෙට ආවම
මාර නිදහසක් දැනේනේ
“ඒ ඉතිං අයියලා ටව්මේ ඉන්න
හංදනේ”
“හා....
මොකද දෙන්නගේ කතාව.” චූටි අයියා එහෙම කියාගෙන ආවේය.
“නංගිට නම් යාළුවෙක් සෙට් වෙලා
වගේ”
“අනේ යනවා යන්න” රේනුකා චූටි අයියාට සෙමෙන් ගසමින්
කීවේය.
“මල්ලි අම්මා කිවා තේ බොන්න
එන්න කියලා” චූටි අයියා කිවේය.
“කෝ...... නංගි.......” සාගර ඇසුවේය.
“එයා අන්න ඇඟ හොදන්න බාත්රූම්
එකට ගිහිල්ලා. දහඩියයි කියලා. කමක් නෑ ඔයා ගිහිල්ලා තේ බොන්න.”
“යං අයියේ....” සාගරගේ අතින් ඇදගෙන රේනුකා නැගිට්ටේය.
සැදැ අහසේ හිරු බැස යමින් පවති. ඈත කදු ගැටි කරා
අදුර පැතිරෙමින් පවති. උදැසන රාජකාරියට ගිය කුරුල්ලෝ හවස කැදලි කරා ඇදෙමින්
සිටිති. අහසේ තැනින් තැන පුළුන් වන් වලාවන් කිහිපයක් රැදි ඇත.
වෙල අසල සියබලා
ගසක් ඇත. ඒ අසල කමතක් සදා ඇත. සාගර, නදි, රේනුකා, චූටි අයියා, සුරංගි
අක්කා, සුනිල් මල්ලි, සියඹලා ගස යට වාඩි වී සැදැ සුවය විදිමින් සිටි.
“සාගර මල්ලිට අපි මතක් වෙලා මේ පැත්තේ ඇවිලා
වගේ” සුරංගි අක්කා හින්ට් එකට වගේ සාගරට කීවේය.
“අපෝ.......
නෑ..... අක්කේ”
නිමාඩුවට එන්න කියලමයි හිටියේ.
“අපි හිතුවේ ආයේ මේ පැත්තේ එන්නේ නැති වෙයි
කියලා”
සුනිල් මල්ලි කිවේය.
“ඇයි එහෙම කීවේ...”
“නෑ ඉතිං ගොඩක් කාලෙකින් ආවේ නැති හංදා”
“නෑ මල්ලි තාත්තලාටත් ගොඩක් වැඩ තියෙනවානේ. ඒක හංදා කොහෙවත් වැඩිය යන්න
බෑනේ”
“මල්ලිලා නිවාඩු ඉවර වෙනකම් ඉන්නවාද?” සුරංගි අක්කා ඇසුවාය.
“ඔව් අක්කේ” නදි කට දැම්මේය.
“හලෝ නදි.... මාත් එක්ක තරහද?” සුනිල් මල්ලි අසයි. “ගිය පාර නෝන්ඩි කලාට”
“අපෝ නෑ අයියේ. ඒ දවස් වලනේ තරහා ගියේ” නදි සිනාසෙමින් කියයි. “දැන් එහෙම නෑ”
“අපිට හොඳට සෙල්ලම් කරන්න පුලුවන් මේ
නිමාඩු කාලේ”
රේනුකා නංගි කීවේය.
“ඒකනන් ඇත්ත” සුනිල් මල්ලි කිවේය. “අපි හෙට වැවේ නාමුද?”
“පිස්සුද මල්ලි” සුරංගි අක්කා ඇසුවේය. “සාගරලා ආවා විතරයි වැවේ
නාන්න. අම්මලා බනියි හොඳට”
“අපෝ... මෙයාට වැවේ නාන්න කිවානම් වෙන
මොනවත් ඔනැ නෑ”
රේනුකා කීවේය. “පෙන්නේ නැන්ද වැවේ නාලා මඩ ගඳ”
“යනවා
යන්න. ඔයා ඉතිං අර පොඩි ලිදෙන් වතුර දෙකක් දා ගත්තට ඔයාගේ ගඳ ඊට වැඩියි.. බලනාකෝ
අපි වැවේ නාන්නේ ඇඟ හොඳට පෙගෙන හංදා”
“පේනවා පේනවා ඔය හොඳට පෙගෙන හිංදා තමයි මඩ
ගඳ යන්නේ නැත්තේ”
රේනුකා කට දමයි.
“අපොයි ඔයා හිතාගෙන ඉන්නේ ඔයා හොඳට සුවඳයි
කියලා”
“එයි දෙන්නගේ ඕක නතර කර ගන්නවා” සුරංගි අක්කා සැර කලාය.
එදා
සාගරගේ අම්මලා තාත්තා සාගරලාගේ මාමලාගේ ගෙදර නතර උනේය. රැ තුන්හතර දෙනාම හොඳට
කියිය ගැසුවේය. ඔහුන් රෑ නිදා ගන්නකොට එකොලහත් පහු වෙලාය. සාගර ගෙදරදි
නිමාඩුකාලයේදි නම් ඉක්මනින් නින්දට යයි. එහෙත් දැන් තියෙන සතුටත් එක්ක නිදා ගන්න
ඔහුගේ අදහසක් නැත.
මතු සම්බන්දයි
No comments:
Post a Comment